episode 5

1K 98 10
                                    

"අනේ අම්මේ...ඇයි ඔයා කියන්නේ මට ඉස්කෝලේ යන්න් එපා කියලා...අනේ මගේ යාලුවෝ.....

" උබට සිංහල තේරෙන්නේ නැද්ද? යන්න එපා කියන්නේ එපා කියන එකට....ආයේ මට ඕක තමුසෙට කියන්න හදන්න එපා"

අම්මා මගේ කතාවට බාධා කරමින් කඩාගෙන පැන්නා...මට ඉස්කෝලේ යන්න ඕනේ...මගේ යාලුවෝ නැතුව කොහොමද මම ඉන්නේ...ඇයි අම්මා මෙච්චර නපුරු ?

ඇයි මට අනිත් අයට ඉන්නව වගේ හොද අම්මා කෙනෙක් නැත්තේ...

මට අඩාගෙන කාමරේට ගිහින් ඇදට පැන්නා...මම කොට්ටෙට මූණ ඔබාගෙන එකදිගට අඩන්න ගත්තා....මගේ ඔළුව යකාගේ කම්මල වගේ...රිදෙනවා ගොඩක්....අනේ තාත්තා ඇයි ඔයා මාව දාලා යන්න ගියේ?? තාත්තට තිබ්බේ මාවත් අරං යන්න නෙමේද???

මට අම්මා එක්ක ජීවත් වෙන්න බෑ.....😭

මට ඇහුනා මගේ කාමරේ දොර ඇරෙන සද්දේ.....අම්මා වෙන්නැති....එහෙම හිතුව මම ඔළුව උස්සන්නේ නැතුව නිදාගත්තා වගේ රගපෑවා....

මට දැනුනා මගේ ඔලුව අම්මා අත ගානවා...මට දැනුනේ සනීපයක්....😌

ඒත් ඒ අත ටිකක් ගොරෝසුයි...අහ්?? අම්මගේ වෙන්න බෑ....

"ශාන්"

දෙය්යනේ ඒ කටහඩ 😳

කුඩු තාත්තා ???

එයා මොකද මෙහේ කරන්නේ?

ඇයි එයා මගේ ඔලුව මෙහෙම අත ගාන්නේ??? හැබැයි ඒකට මම කැමති වගේ....

"ශාන් බය වෙන්න එපා...මම ඔයාව ඉස්කෝලේන් අස් කරන්න දෙන්නේ නෑ"

😳😳😳😳

ඔහ්...අනේ කුඩු තාත්තා !!!!!!!
එතකොට එයා අම්මට කියයිද මාව ඉස්කෝලේ යවන්න කියලා...මට දැනුනේ දැඩි සතුටක්...එයා කොච්චර හොද කෙනෙක්ද!!!! අද ඉදලා මම එයාට කතා කරන්නේ යීබෝ කියලා

මේ වගේ වටින් මනුස්සයෙක්ට කුඩු තාත්තා කියන්නත් මොකක්ද වගේ

මම දැන් ඇහැරුන වගේ බොරුවට ඔලුව පොඩ්ඩක් හෙලෙව්වා...මෙච්චර වෙලා මගේ ඔලුව අත ගාපු එයාගේ අත එයා ඉක්මනින් අහකට ගත්තා...මම නැගිටලා එයා දිහා බැලුවා...අනේ එයා හරි ලස්සනයි.....

අනේ එයා හරි ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now