අර අමුතු කාමරය මීට ගොඩ කාලයකට කලින් රයන් පෙන්නපු ඒ කාමරය...ශාන්ට ලොකු කුතුහලයක් ගෙනාවා...ඒක ඇත්තටම මොකක්ද කොයි වගේ තැනක්ද?
ඇයි යීබෝ ඒක වහලා තියෙන්නේ....ශාන්ට ඕන උනා ඒකේ ඇතුලට ගිහින් බලන්න...ඒත් යීබෝට කිව්වොත් එයාට සැක හිතෙයි ..කාටවත් කියන්න නරකයි..හොරෙන් ගියානම් හරි.....
ඔහු අමාරුවෙන් නැගිට්ටා..එතකොටම කොහෙන්දෝ ආ යීබෝ වහා ශාන්ට උදව් කරා...ශාන්ට පුදුමයි...කොහොමද යීබෝට ඒ වගේ දේවල් මෙච්චර ඉක්මනින් දැනෙන්නේ...
" පරිස්සමෙන් වස්තුව " ශාන්ගේ අතින් අල්ලලා නැගිටින්න උදව් කරමින් යීබෝ කිව්වා
" කොහෙද මේ යන්නේ"
ශාන්ට බෑ ඇත්ත කියන්න...ඒත් ඔහුට හිතුනා ඒ ගැන යීබෝගෙන් අහන්න
" යීබෝ "
"හ්ම්?"
" මට දෙයක් දැනගන්න ඕනේ"
" මොකක්ද මැනික ?"
" අර කාමරය මොකක්ද යීබෝ "
" මොන?"
" අර අමුතු කාමරය..රයන් කිව්වා ඒක ඔයා කවදාවත් ඔයා විවෘත කරේ නෑ කියලා "
යීබෝගේ ඇස් දුකෙන් බර උනා
" යීබෝ ඇයි මේ?"
ශාන් ඇහුවම මුකුත් නොකියා යීබෝ බැල්කනියට ගියා..ශාන්නුත් ඔහු පස්සෙන් එතනට් ගියා...
" ඒ කාමරය මතකයන් පිරිච්ච තැනක් වස්තුව...ඔයාගෙයි මගෙයි"
" අපේ?"
" වුශියෑන්ගෙයි වංජිගෙයි...ඒ දෙන්නා ගොඩක් ආදරෙයෙන් ඉදියා...විවාහ වෙලා එයාලා ඒ කාමරයේ තමයි හිටියේ...ඒ දෙන්නගේ රණ්ඩු විහිලු තහලු වලින් ඒ කාමරය පිරිලා තිබ්බා...ඒත් වුශියෑන් සදහටම දෑස් පියාගත්තම වංජී ඒ කාමරය වහලා දැම්මා...ආයේ කාටවත්ම ඇරගන්න බැරි වෙන්න....
" දන්නවද මැනික..වුශියෑන්ට පුලුවන් ලස්සනට බටනලා පිබින්න...වංජී හරි ආසයි ඒකට....
එයා හරි ආසයි wu ji කියන සිංදුවට...ඒකට වංජිත් ආස කරා...වුශියෑන් මියගියට පස්සේ ඒ බටනලාව අර කාමරයේ ඇද උඩ තිබ්බා...දැනුත් ඒක එතනම තියෙනවා ඇති...
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Storie d'amoreබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶