කුඩු තාත්තා මගේ කාමරේට එද්දි රෑ 8 විතර උනා...එයා එනකොට මම අනිත් වැඩ ටික කර කර ඉදියේ...දොර වහලා නොතිබුණු හිංදා එයා නිකන් ඔහේ මගේ කාමරයට ආවා....
එයා වැඩ මේසේ මගේ වම් අත පැත්තේන් වාඩි වෙලා මම ලියන එක බලං ඉදියා
"යීබෝ"
"........"
යීබෝ කියන්නේ වැඩිය කතාකරන්නේ නැති කෙනෙක්...මට ඒක පස්සේ තමයි තේරුනේ
" මට මේක තේරුනේ නැත්තේ"
මම මීඩියා මිස් දුන්න පේපර් එකේ ප්‍රශ්න අංක 5 එයාට පෙන්නුවා...
" මේ....'සන්නිවේදන විෂයට ප්‍රථම වරට අධ්‍යයනය අංශයක් ආරම්භ වූ බටහිර විශ්ව විද්‍යාලය නම් කරන්න' ඒ ප්‍රශ්නෙට උත්තරේ....පෙන්සිල්වේනියානු විශ්ව විද්‍යාලයද???
මම අහලා එයා දිහාවට බෙල්ල හැරෙව්වා...එයා බොහොම අවධානයෙන් පේපර් එක දිහා බලාගෙන ඉදියා...ඊට පස්සේ මගේ දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා
ඒ කියන්නේ මගේ උත්තරය වැරැදිද??"නැද්ද?"
"හ්ම්"
"එතකොට හරි උත්තරය මොකක්ද "
මම ඇහුවත් එයා නෙමෙයි කිව්වේ...එයා මගේ දිහා බැලුවේ හරියට මට අනුමාන කරන්න කියන්න වගේ...මම ඔළුව කැසුවා...හරි උත්තරය ලාවට වගේ මතකයි...🤔🤔🤔
"හ්ම්!!!! ඔහොම පොඩ්ඩක් ඉන්න...මට මතකයි වගේ...අම්...ඒක...මේ....ඉ..එ...ඉලිනොයිස් විශ්ව විද්‍යාලය නේද"
මම අහද්දි එයාගෙ ඇස් දිලිසුන....එයා හිනාවෙලා මගේ ඔළුව අත ගෑවා...අහෝ..
මගේ කුඩු අප්පච්චි හිනා උනා නේද??? වාව්..ඒක හරිම ලස්සනයි...මම එයා හිනාවෙනවා දැක්කමයි...ඒක කටකොනකින් හිනා වෙච්ච එකක් උනත් ඒක පට්ට ගති...අයිශ්...මොනාද මම මේ හිතන්නේ...
එයා මගේ ඔළුව අත ගාද්දි...මගේ බඩේ අමුතු පියාඹන කුරුමිනියෝ වගයක් පියෑඹුවා වගේ දැනුනා..🦋 🦋 🦋 🦋 🦋
මම ටිකක් වශී වෙලා එයා දිහා බලද්දි එයත් මං දිහා බැලුවා...අපේ ඇස් එකිනෙක පැටලෙද්දි...එයා ඉක්මනින් අහක බලා ගත්තා...ඔහ්..එයාගේ කනක් රතු වෙලා...
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶