First of all... Happy Happy sinhala and Tamil new year guys 💞💞
lchi_jk thank you so much යාලූ....... මේ යාලූ තමා කතාවට කවර් එක හදලා දුන්නේ. ඔය උඩින් තියෙන්නේ ඒක. ඒක මාරම ලස්සනයි. තැන්කියු සෝ මච් යාලූ. ඔයාගේ කවර්ස් හරි වෙනස් ඒවා මාරම ලස්සනයි 💖💖🌠 හරි එහෙනම් කතාවට යන්......
__________
Zhan's pov
" ශාදී....."
" මොකෝ......."
" සචින් ....."
" එනවෝ......."
" ශාන්...... "
" ඉන්ඩෝ.........."
" ඉන්ඩෝ නෙවේ හැඩවුනා ඇති දැන්වත් එන්න ළමයෝ. සචින් ඔය මල්ලිවත් එක්කගෙනම එන්න. තුනට ෆ්ලයිට් එක. ඊට කලින් යන්නත් ඕන. "
පේනවනේ. බෑනේ ඉතින් මෙයාලා එක්ක කරන්න. ඉදලා ඉදලා ලස්සනට හෙයාර්කට් එකක් කපාගෙන ආවා. ඒකවත් හරියට පීරගන්න දෙන්නෙ නෑනේ. කොහෙද මෙයාලට පුදූ..ම කලබලයක්නේ අප්පා තියෙන්නේ. ෆ්ලයිට් එක තියෙන්නේ තුනට උනාට මොකෝ ගෙදර සෙට් එක එකොලහ හමාරේ ඉදන් කෑ ගහනවා. ගෙදර ඉදන් යන්න මහ වෙලාවක් යනවනම් තව කමක් නෑ. උපරිම විනාඩි හතලිහයි. මෙච්චර කලින් ගිහින් මන් එතන අල තම්බන්නද. අල හරි තම්බන්න තිබ්බා අපේ නායක තුමාටත් අපිට වගේ නට්ලූස් නම්. කොහෙද එහෙම නෑනේ. එයා......විනයගරුක නීතිගරුක රටක් වටින පුද්ගලයෙක්නේ. ගැම්මෙන් ඉන්නේ ගැම්මෙන්. අපි තමා යන යන තැන හොම්බෙන් යන්නේ.
" ඕයි මල්ලී උඹ ඉවරද "
" පොඩ්ඩක් හිටහන්කෝ කොන්ඩේවත් හරියට පීරගන්නකන්. "
" ඕකේ මොනාද පීරන්න තියෙන්නේ. තිබ්බ ටිකත් ඊයේ කපන් ආවේ. දැන් වරෙන් යන්න. හා...හා.... ඔය මලු තියලා වරෙන්. ඒවා ශාදි ගෙනෙයි "