" අද තමා හොදම දවස. trust your self .... do your best and win the mach ok. පරිස්සමෙන් සෙල්ලන් කරන්න... කලබල වෙන්නෙ නැතුව හැමෝම එක්ක එකතුවෙලා සුපිරි ගේමක් දෙන්න අද. "
" ඕකේ බොසා.... අනිවාරෙන් අද දිනනවාමයි. ඇවිල්ලම බලාගන්නකෝ කොල්ලෝ ටිකගේ වැඩ "
මන් ඒක කිව්වා විතරයි කැප්ටන්ගේ මූණ වෙනස් වුනා හරි ඉක්මනට. ඒක හින්දම කැප්ටන්ගේ අතක ඇගිලි පටලවගෙන ආපහු මන් කතා කරේ ඒ ඇයි බලන්න. ඒත් .....
" මොකක්ද ප්‍රශ්නේ කැප්ටන් "
" .............. "
" අයියේහ් ........"
" ම්ම්ම්ම්.........."
" අද එන්නෙ නැද්ද ඔයා "
" මන් එන්න බ්...."
" ශා.......නෝ.............. "
බෑනේ කරන්න. කැප්ටන් උත්තරයක් දෙනකන් එයාගෙ අතක් මගේ අතක් එක්ක පටලන් ඒ ඇස් දිහාම බලාගෙන හිටියේ හරියට අද කැප්ටන් එනවද නැද්ද දැනගන්න. ඒත් කොහෙද කැප්ටන් උත්තරයක් දෙන්න කලින් කල්ප බුවා මොකාදෝ එකා වගේ කාමරේට කඩා පාත් උනානේ. දෙන්නත් එක්ක අත් අල්ලන් දැහැනකට සමවැදිලා වගේ හිටිය විදිහට කල්පයියා කාමරේ දොරත් ඇරන් මතු උනා විතරයි ගැස්සුන පාර තාම හාට් එක දඩිබිඩි ගාලා ගැහෙනවා. තව ටිකෙන් අද සෙල්ලන් කරන්න වෙන්නෙ මගේ හොල්මනට තමා... යකොව් හාට් පේශන් කෙනෙක් උනානම් එතනම වලකජ්ජ ගහනවා. ඒ ඔක්කටම හපන් කැප්ටන්ට අමුතු කැස්සක් හැදිලා කැහු කැහු ගානවා ඇත්තටද බොරුවටද හිතාගන්නත් බෑ.
" ආ... ශා....... කෑ....... අහ්හ් නෑනෑ... කැප්ටන් මොකෝ මෙ උදේම මෙහෙ "
යසයි .......උදාරයි රංජනීඊඊඊඊඊ උදාරයි. අතිශය ප්‍රතම වතාවට ප්‍රථම පෙම ගෙදට්ට අහු උනා වගේ ෆීලින් එකක් දැනෙන්නේ. ඒ අස්සේ කල්පයියා ශා... ශෑ... ශු ගගා ගොතගහන්න අරගන්නකොට මට නිකන් හීන් දාඩිය දැම්මා වගේ. උගුරකටත් වේලුනා. උත්කෘෂ්ටයි අනර්ඝයි. බලන්න අප්පේ දවස පටන් ගත්ත විදිහේ උදාර බව. දවස සුභයි ජය නියතයි හුම් හුම්...කෙලවෙයිද දන්නෙ නෑ ලෙසටම. එක්කෝ මන් මොකටද දැන් බය වෙන්නෙ. අනේ මන් දන්නෙ නෑ කරකලා අත ඇරියා වගේ ෆීලින් එකක ඉදන් එහෙම හිතුවා විතරයි පුදනකොටම කාපි යකා වගෙ කල්ප යකා ඇහුවේ නැතෑ කැප්ටන් මොකද කාමරේ කියලා.