........ 02 ..........පාන්දර තුනක් පහුවෙලා...ඒ බෝට නින්ද අහලකවත්..ඇවිත් නෑ...ඒ ඊයේ රෑ..තම මව සමග ඇති කරගත්...නුරැස්සා සහගත දුරකථන සංවාදය නිසයි...
🌙 night...
"බෝ...දරුවෝ මං දවස් කීයක් නම්...අර දරුවා ඔය බංගලාවට ගෙන්න ගන්න කියලා...පොඩ්ඩක්වත් ඇයි මං ගැන හිතන්නෙ...නැද්ද...දැන් බැඳලා..අවුරුදු දෙකකටත් ළඟයි තාමත් දෙන්න දෙපැත්තෙන්...කවද්ද මේ වැඩේ..වැඩපිළිවෙලක් වෙන්නේ..මටත් ආසයි...මගේ පුතාගෙන්... මුනුපුරෙක් දකින්න..."
"ඔය කසාද වෙනකොට මං පැහැදිලිවම කිව්වා අම්මා ඔයාලට...මගේ කිසිම කැමැත්තකින් නෙමෙයි මේක වෙන්නේ කියලා...මං අකමැති කෙනෙක් එක්ක මට ඉන්න බැහැනේ.....ඒක නිසා බල කරන්න එපා මට..."
"කැමති අකමැති එක බලන්න බෝ.. ඔයා ඒ දරුවාත් එක්ක වචන දහයක්වත් කතා කරලා තියෙනවද මේ අවුරුදු දෙක ඇතුළත..ඒ දරුවා හැමදාම එනවා නේද ගේ ඉස්සරහට එක වචනයක් කතා කරනවා දේ ගෑණු ළමයගේ හිත හැදෙන්නවත්....හැමදාම බුම්මගෙන ඒ ළමයා ළඟින් යන්නේ..."
"මට කාගෙවත් හිත් සතුටු කරන්න වෙලා නෑ ගෑණු හුරතල් කරනාවාට වැඩිය මට වැඩ තියෙනවා....අම්මා..."
"එදා වගේ මේ පාරත්..බෑ කියන්න ලැස්ති වෙන්න එපා බෝ....මං දිනයක් දාගත්තා..ඉරිදා හවස් වරුවේ ඒ ගෑණු ළමයත් එක්ක ඇවිදලා කරලා එන්න ගිහිල්ලා....දෙන්නා ඇත් වෙලා හිටියා ඇති..."
"ඉරිදාට මට බැහැ..."
"මං ඒ මිනිස්සුන්ට දිනේ දීලා ඉවරයි..."
"අම්මා...."
"හුරතල් වෙන්න එන්න එපා බොදී...මාත් එක්ක දැනටමත් ඔයාට හතලිහ පැනලා "
"මොනා කියලා තව වෙන්නද මට...තව අවුරුදු දහයකින් විතර.. කෙලින්ම...පෙට්ටියක් ඇතුලේ..."
"මේ ළමයා නම් කියලා හදන්න බෑ.. හැබැයි එකක් මතක තියාගන්න ඉරිදා හවස හතරට...ඒ ගෑණු ළමයා හම්බෙන්න යන්නම ඕනේ..."
"හා මං යන්නම්..හැබැයි මේ පාර විතරයි ආයි මට බල කරන්න එපා...මං කොහොමත් කැමති නෑ ඔය විකාර වැඩ වලට...."
"විකාර වැඩ නෙමේනේ පුතේ නීතියෙන් බැලුවොත්..ඒ ඉන්නේ ඔයාගේ නෝනා...එයාට පුළුවන් ඔයාට නඩු උනත් දාන්න...."

YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶