නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰
"..කොහෙද යන්නෙ මි|නි|හො..."ඒ හඩ තීව්‍රය , දැඩිය . වෙන අයෙකු වූ වා නම් බියටම සිහිසුන් වනවාට සැක නැත. නමුත් කාල වර්ණ යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී දෑත් සිය කලිසම් පොකට්ටු තුල රූවා සිටි ඒ ප්‍රතාපවත් තරුණයා හමුවේ ඒ වදන් වලට සැලෙන පෞර්ෂයක් නොවීය.මුව කොන නගාගත් අතිශය උපාහාසය මුසු මද හසින්ම ඔහු තවත් පියවරක් විවරව තිබූ විසල් ද්වාරය දෙසට තැබුවේ අවට සිදුවෙන කිසිවක් තමා හා කිසිදු සම්බන්දයක් නොමැති ලෙසය
"මම උ;ඹේ තාත්තා ... ඇහුනෙ නැද්ද මම දෙයක් ඇහුවා.."දිගු කලිසම් පොකට් තුල රුවා තිබූ තම දෑත් මිට මෙලවනවා දැනුන ද . දැඩි ආයාසයකින් තම කෝපය මැඩගත් ඔහු.තවත් වදනකුදු ඇසීමට පෙර විවරව තිබූ ද්වාරයෙන් පිටව ගියේ ද දිනේශ් රණබාහුගේ දෑස් කෝපයෙන් රත් පැහැ ගැන්වී ගියේ ද එකම නිමේශයක දීය.
"ඔහොම ඉදපන් බං...කියන එක අහපන් මචං .."පිටතට පැමිණි වහා පිටුපසින් තරුණයෙකුගේ හඩ ඇසුන ද නැවතීමට තරම් මනෝභාවයක් ඔහු තුල නොවූ තැන බර අඩි තබමින් ගොස් තම සුඛෝපභෝගි අවුඩි රථයට නැගී ඉගිලෙන්නට වූයේ බලා සිටෙන්නෙකුට ම*ර*ණ බිය දැනීමට තරම් වූ වේගයකිනි..
තම හැගීම් පිටකිරීමේ කලාවෙහිලා අතිශය දුර්වලයෙකු වූ ඔහු ඕනෑම ඇවස්ථාවක දී දැඩි නිහඩ ප්‍රතිපත්ති යක් අනුගමනය කලේ ය. නමුත් තම අභ්‍යන්තර විප්ලවය දැන සිටියේ ඔහු පමණක්ම විය.
රක්ත වරණයට හැරී තිබූ අතිශය තියුනු දෙනෙත් මාර්ගය මත වැටී තිබුන ද ඔහුගෙ සිතුවිලි ගෙවුනු අතීතයේ දිනක නවාතැන් ගෙන තිබුණේය. සිය නහර ඉලිප්පී තිබු හැඩි දැඩි දෑත් වලින් තව තවත් රථයේ වේගයා වැඩි වන විට.කිසිසේත් අපේක්ෂා නොකල නිමේශයක දී තරුණයාගේ ගෙල් දෙසින් උරහිසක් මත සියුමැලි දෑතක් නතර වූයෙ ඔහුව ද මදක් තිගස්සවමින්ය.