නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰
"හස්‍රා.."
"ආ..හ්..."
"මං ලග ඉන්න බය වෙන්න ඕන නෑ තාම..'
"තාම ?..මොකක් ද ඒ කෙ තේරුම..."
"කාලා ඉවරනම් එලියට යමු.."
ඇගේ පැනයට කිසිසේත්ම නොගැලපෙන යමක් පවසා මේඝ අසුනින් නැගිට ගියේ ය.
🍁***"මෙතන ආකිටෙක්චර් එක ලස්සනයි...කාගෙද අයිඩියා එක.."
"මගේ.."
ලීයෙන් නිමවූ පුවරුව මත සිටි සහස්‍රා සැනින් ඔහු වෙත හැරුණා ය. ඔහුවැන්නෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව හැගුණ ද මේ අනුරාග් මේඝන රණභාහුය ඔහුගේ ඕනෑම දෙයක විශ්මය ගැබ්ව තිබීමට හැකිබව සහස්‍රා මේවන විට වටහාගන තිබිණ.
"විරාත් අයියා එක්ක තියන තරහ මොකක්ද මේඝ.."
මේඝ ගේ දෑත් මිට මෙලවුන ද..ඔහු නිවී සැනසිල්ලේ මුව විවර කලේ ය.
" කියලා නැද්ද.."
"නැහැ..ඒත් මං දන්නවා ඒකට හේතුව නැන්දිගෙයි Mr.Ranabhahu ගෙයි අතර වුන මැරේජ් එක්කම නෙමෙයි කියලා..මොකද එයා පොඩි කාලෙ ඉදන්ම ඔයාව ඇක්සෙප්ට් කලේ නෑ."
"ඔව් ඒක නෙමෙයි හේතුව.."
"එහෙනම්.."
සහස්‍රා විමසන්නට වූයේ දැඩි කුතුහලයෙන් උවද මේඝ වදන් පිට කිරීමට කල් ගත්තේ ය. ඔහුත් ඇයත් අතර වූ පියවරක තරම්වූ පරතරය තවදුරටත් නොවීය මේඝ ඈ වතෙහි සුසුම් වදින තරමට ලංව සිටියේ ය.
" This is not the time to say that sahasra .. Your lips stir my feelings.."
මේඝ ඇගේ බදවටා ගෙනගිය දෑතින් සහස්‍රා තම ග්‍රහණයට ගත්තේ ය.
"මේ..ඝ....no.."
ඔහුගේ මීළග පියවර වටහා ගත් ඈ ඔහුගෙන් මිදීමට මෙන් ඇගේ දෑත් ඔහුගේ විසල් ළයමත තබා තෙරපවා ගත්තා ය.
මේඝ සිය දෙතොල් ඇගේ ලොවි පැහැ දෙතොල් කරා ගෙනවිත් ගිමන් හැලීය. සහස්‍රා සිය දෙනෙත් පියාගත්තේ ඔහුගෙන් මිදීම තම කුඩා සිරුරට කල නොහැක්කක් බව වටහාගත්තා යින් පසුවය.