22 වන පරිච්ඡේදය

14 1 0
                                    

                              🍁නිම්නාද
                           🄽🄸🄼🄽🄰🄳🄰

"මේඝ..කෙල්ල එනවා.."

ටිරාන්ගේ හඩින් මේඝ පියවි සිහිය ලද්දේය. ඒ හාම ඔහු සිය ව්‍යාග්‍ර දෙනෙත් සරසවි පිවිසුම වෙතට විතැන් කලේ ය.

මදක් කෙටි ගවුමකින් සැරසී සරසවි භූමියෙන් පිටතට පැමිණෙමින් සිටියේ තරුණියකි.ඇය අත රැදි දුරකතනයෙහි යමක් පිරික්සමින් සිටියා ය. ඇයවටා මේවනවිටත් යමක් සිදුවන බව ඇගේ කිසිදු සංවේදනයකට ගෝචර වී නොතිබිණ. ඇය සැබැවින්ම අහිංසක යුවතියක් ය. අධ්‍යාපනය සදාහාම සිය පූර්ණ අවදානය යොමුකොට ගත් සිසිවියක් ය.

නමුත් අනුරාග් මේඝන රණබාහු හට මේ වන විය ඇයව අවැසිය. ඔහුගේ ඉදිරි සියලුම සැලසුම්වල අත්තිවාරම ඇය වනු ඇත.

මේඝන සිය රථයෙන් පිටතට ඒමට පෙර දෑසින් ටිරාන් හට සංඥා කලේ ය.

                                🍁***

"මාමා මට එන්න කිව්වේ..."

විරාත් විජේමාන්න වංශනාතගේ කාර්යාලන් කුටියේ අසුන්ගන මිනිත්තු කිහිපයක් ගතවගොස් තිබුණද. ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිතැන සිය මුව විවර කලේ ය.

"ලෝයර් කෙනෙක් වුණාම ඔයිට වඩා ඉවසීමක් තියන්න ඕන විරාත්. කලින් නම් ඔයා මේ වගේ හැසිරිලා නෑ...සමහර විට මේවටත් හේතුව මගෙ දුව ද.."

වංශනාත්ගේ අවසන් වදන් හි බොහෝසේ උපහාසයක් ගැබ්ව තිබුණේ ය. ඔහු සහස්‍රා විශයෙහි මෙන්ම බොහෝ අවස්ථාවල හැසිරීම මෙයම බව විරාත් විජේමාන්න හට රහසක් නොවූවද. සහස්‍රා සම්බන්දයෙන් ඒවා වඩාත් ප්‍රච*ණ්ඩ  කාරී  හා සාහසික බවද ඔහු මනාව අවබෝධ කරගන සිටියේ ය.

"මම එන්න කිව්වෙ බාරගත්ත වැඩේ තවමත් එකතැන තියන එක ගැන කතා කරන්න.."

මේසයමත දෑත් රදවා විරාත් දෙසම දෙනෙත් විතැන් කර සිටි වංශනාත් යලි උසැති කාර්යාල අසුනට බරවෙමින් විමසුවේය. නමුත් විරාත්ගේ වත මදක් කෝපයෙන් රත් වූවා මිස පිළිතුරක් පිට නොවීය.

"මං කාගෙවත් ඕර්ඩර්ස් බාරගන්නෑ කියන එක මාමා දන්නවානේ. මම මේඝනව බබාගෙන් ඈත් කරනවා කිව්වේ . ඒක මට හස්‍රා ව ලංකරගන්න තියන ලොකුම බැරියර් එක නිසා මිස..කාගෙවත් ඕඩර් එකක් නිසා නෙමෙයි. ඒක මාමා වුණත් දැනගන ඉන්නවා නම් මම කැමතී.."

නිම්නාද🍁 Où les histoires vivent. Découvrez maintenant