38 වන පරිච්ඡේදය

14 3 2
                                    

නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰

නවමු දිනකට හිරූදාවෙමින් තිබින.

රණබාහු මහ ගෙදර විසල් උද්‍යාන කෙලෙවරෙහි ඒ ප්‍රතාපවත් මිනිසා විය.ඔහුබසල ඔහුගේ විශ්වාස වන්තම මිනිසා සිටගන සිටියේ ය.

"අර ළමයා නෙමෙයි ද ඩේවිඩ්.."

"නෑ සර් ගෙදර වැඩට ඉන්න ගෑ*ණි කිව්ව විදිහට නම්. ටිකක් පිට පලාතක ඉදන් ඇවිත් තියන්නේ..මොනවා හරි දේකට ඒ ළමයා පොඩි සර් එක්ක රණ්ඩු වෙලා තියනවා"

එවර ප්‍රතාප් රණබාහුගේ දෑස් කුඩා වී ගියේ සිය ආරක්ශකයා පවසන පරිදි එසේ පැමිණ තම හිතුවක්කාර මුනුබුරා හා ගැටෙන්නට තරම් ඔහු දන්නා අන් තරුණිය කවුරුම් දැයි සිතීමට අපහසුවෙන් ය.

"ඌ කරන ඒවා දැන් හොයාගන්න අමාරුයි ඩේවිඩ්. මං ෆලෝ කරන්න දාපු උනුත් දැන් මට සැකයි. උනුත් වැඩ කරන්නෙ පොඩි එකාටද කියලා.."

"ලොකු සර්..තව ප්‍රශ්නයක් තියනවා.."

"ඒපාර මොකක්ද.."

"මං හිතන්නෙ පොඩි සර් කාවම හරි හොයනවා . අපිට ඩිරෙක්ට් කිසිම තොරතුරක් හොයාගන්න පොඩි සර් ඉඩ තියන්නෙම නෑ. ඒත් මොනවා උනත් කාවම හරි හොයනවා කියලා විශ්වාසයි.."

"මොකක් ද මනුස්සයෝ ඒ කතාව..කාව හොයන්න ද ඌ.."

"සර් සමහර විට අනෝමා මිස් ව වත්.."

ප්‍රතාප් රණබාහු හිද සිටි ආසුනින් සැනින් නැගිට ගත්තේ ඩේවිඩ් වද මදක් බිය ගන්නවමින් ය.

"මොකක්ද මිනිහෝ කියන්නේ..ඒක කොහොමද වෙන්නෙ ..අනික පොඩි එකා කොහොමද ඒ ගෑණිව දන්නෙ.."

"මේක මගේ සැකයක් විතරයි සර්.."

"අර මිනිහාව හම්බවෙන්න ඕන ඩේවිඩ්..එහෙම දෙයක් වෙනවා නම් අපි ඒක දැන්ම නවත්තන්න ඕන..යමං.."

🍁***

"රාග්.."

"හ්ම්ම්..මට ඔයාගැන දැනගන්න ඕන.."

ඇගේ නිවහනේ සෝෆාවට වී උඩුකය නිරුවත් තරුණයා බොහෝ කලකට පසු ටෙලිවිශනය මත දෙනෙත් අයා සිටියේ ය.එහි බටහිර චිත්‍ර පටයක් තිරගත වෙමින් තිබිණ.

නිම්නාද🍁 Where stories live. Discover now