04 වන පරිච්ඡේදය

9 1 0
                                    

නිම්නාද🍁

🄽🄸🄼🄽🄰🄳🄰

"His eyes..ඒවා හරිම අමුතුයි කියලා හිතෙන්නෙ ඇයි මට..ඒ බ්‍රවුන් කලර් එක ටයිගර් කෙනෙක්ගෙ වගේ ..
විරාත් අයියා කියන තරම් එයා නරක කෙනෙක් නම් අද මම අපාට්මන්ට් එකේ මෙහෙම් ඉන්න චාන්ස් එකක් තියෙ ද...
ඕඕ ගෝඩ් ඇයි මට මේඝන ගෙ ඇස්ම මතක් වෙන්නෙ.."

ට්‍රීන්.....

සයනයේ උඩුමැලි අතට දිගාවී තම සිත හා දොඩමලු වෙමින් සිටි සහස්‍රා ඒ හඩින් පියව සිහිය ලද්දා ය.

🍁***

"අයි..යා..."

පැමිණ සිටියේ විරාත්‍ ය. ඔහුගෙ මුවෙහි සිනහවක් නොවීය. සහස්‍රා විවර කර දොරින් වදනකදු නොපවසා ඇතුලුවූ ඔහු විමසීමකින් තොරවම අසුනකට බර විය.

ඔහුගෙ හැසිරීම හමුවේ සහස්‍රා මදක් හෝ වික්ශිප්ත වූවේ නැත.ඔහු පෙර සිටම මෙසේය. ඇගේ කුඩා දේකදී පවා බොහෝ සෙයින් කලබලවීම විරාත්ගෙ පුරුද්දය. සහස්‍රා කුඩා කල සිටම ඔහු ඇගේ පසු පසම වැටී සිටියේ සෙවනැල්ල පසුපස එනවා සේ යැයි සහස්‍රා ගේ මිතුරියන් නිතර පවසන්නක් විය නමුත් ඈ නම් එයට එතරම් ප්‍රිය නොකලා ය. පවුලේ එකම දරුවා වූ සහස්‍රා හට විරාත් තමාගේම සහෝදරයා වැනිය. නමුත් විරත් ට ද එය එසේම වූවා දැයි කිව නොහැක.

"ඔයා දන්නා මම ඔයා නැති වුන ගමන් බය වෙනවා කියලා.. එහෙම දැන දැනත් මට නොකියම මෙහෙ ආවෙ ඇයි බබා ආ..Answer me.."

"I'm realy sorry aiyh..ඒත් ඒ වෙලාවෙ මට එතන ඉන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ..so thats why I came.."

"Don't do like that again baba..අනික ඊයේ ඔයා මාව මීට් වෙන්නම් කියලත් පස්සෙ බෑ කිව්වෙ ඇයි"

"Sure aiyh.. ආය නොකියා ඉන්නෙ නැහැ..ඊයේ ටිකක් ටයර්ඩ් ඒකයි ඊයෙම එන්න බැරි උනේ මීට් වෙන්න..

"හ්ම්.."

"මොනවාද බොන්නෙ..කොෆී? Or..?.."

"Coffee.."

"හ්ම්..ඔහොම ඉන්න මම අරන් එන්නම්.."

විරාත්ට එසේම සිටින්නට දී ඇය මුළුතැන් ගෙයි තුලට ඇදුනා ය.මේ ගෙවෙමින් තිබුණේ මේඝගෙන් නික්ම පැමිණ දෙවනි දිනයයි.

නිම්නාද🍁 Where stories live. Discover now