🍁නිම්නාද
🄽🄸🄼🄽🄰🄳🄰මිනිත්තු කිහිපයකට පෙර දෑස් විවර කල සහස්රාගේ නෙතු මේ වන විට විතැන් වී තිබුනේ වීදුරු ද්වාරය එපිටින් අත් වැටට බර දී පිටුපස හැරී සිටි උඩුකය නිරුවත් දේහදාරියා මතට ය.
තවත් කාලයක් සයනය මත විඩැන් කිරීමට සහස්රා හට සිත දුන්නෙ ද නැත.තම සිත කිසිදා පිරිමියකු හමුවේ සසැලී නොමැති බව ඇයට විශ්වාසය.නමුත් අද.. මේ ආගන්තුකයා හමුවේ එය එසේ නොවේ. ඉතින් ඇ තම දෙපා බිමින් තබා පියවර තැබුවේ ඔහු වෙතට යාමට ය. ඒ ආගන්තුක දේහදාරියා වෙත යාම ට ය.
🍁***
නමුත් ඈ සයනයෙන් බිමට තැබූ සිය පාදය දෙස බලා දෑස් විසල් කර ගත්තා ය.
තමන් සිහිසුන් වනවා සේ දැනී ගිය මොහොතක තම බර සැහැල්ලූ වී ගොස් කිසි වෙකුගේ උණුසුමකට නතු වනවාද ඒ පෙරදී තමා මාවතේ තනි කර දමා කෝපයෙන් නික්ම ගිය ආගන්තුක තරුණයා ගේ රුව බව ද යාන්තමින් ඈ දුටුවා මතක ය.
"බැන්ඩේජ් කරලනේ...ආ.හ්...It's hurt..."
ඇගේ පෙරලුනු පාදය වෙලුම් පටියකින් වෙලා තිබිණ.පෙරදී තරම් එය රිදුන් නොදුන්න ද. ඇවිදීම අපහසු විය. සහස්රා එය මදක් අතින් ස්පර්ශ කලා ය.
"හ්ම්ම්..."
සුසුමක් අතැර අපහසුවෙන් උව ද ඈ සයනයෙන් නැගිට පියවර තැබුවේ තවමත් තමාට පිටුපා අත් වැටට බර දී සිටින තරුණයා වෙතට ය. වීදුරු පියන් දෙපසට කලද ඉන් නැගුණු හඩට හෝ ඔහුගේ දැහැන නොබිදින.
"මොකක්ද මගෙ වෙහිකල් එකට වෙලා කරේ.."
සහස්රා තිගැස්සී ගියේ තවමත් තමාට පිටුපා සිටින ඔහු තමා පැමිණි බව පෙර තියා දැන් සිට ඇති බව හැගී යද්දීය.
"I asked something ... didn't you hear me?."
ඒ වදන් රළුය තීව්රය නමුත් තවමත් ඒ දෙනෙත් ඈදෙසට එකදු බැල්මක් හෝ පා නොකලේ ය. ඇය තවමත් පෙර සේම දෑස් විසල් කරගන ඔහු දෙසම බලා සිටිය දී. මේඝයක් තම හිස පමණක් ඈ වෙතට හරවා ඒ නෙතු මතම තම දුඹුරු පැහැ ව්යාග්ර යෙකුගෙ මෙන් වූ තීව්ර දෙනෙත් විතැන් කලේ ය.