නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰විරාත් ඇගෙන් මෑත්ව පවසා අවසරයකින් තොරව යලි අසුනට වැටිය.
"මොනවා හරි බොමු ද.."
"හ්ම්ම්.."
එනෙහිම විරාත් නිම්න වෙත ඇමතුමක් ගන්නට වූයේ නුවීශා එතනින් නික්ම යද්දීය.
🄽🄸🄼🄽🄰🄳🄰
"ඔයාගෙ යාළුවෝත් මෙහෙ එනවා ද..."
"හ්ම්ම්..."
"හැමෝම..."
"නැහැ.."
"එහෙනම්.."
"මිගාරලා විතරයි.."
"හ්ම්ම්..එතකොට වෙන ක..ව්..ද ඇවිත් තියන්නෙ..."
මේඝ ගේ දෙනෙත් ඈ මතට වැටී ඇති මුත් සහස්රා ඔහුගේ බැල්ම මගහරිමින් සිටියා ය.
"ඩිරෙක්ට් කතා කරන්න බය ඇයි.."
මේඝ ගේ වදන් හමුවේ ඈ මදක් තිගැස්සින.ඔහු වන් තරුණයෙක් මින් පෙර ඈට හමු වී නොතිබිණ. ඈ සිතන දේ පවා මේඝ ඇසිල්ලෙන් වටහාගැනීමට සමත් වෙමින් සිටි බව රහසක් නොවීය.
"No..I'm not..."
"පලවෙනි ගර්ල් තමුන් හස්රා ..."
"ඇයි ඒ..."
"මෙතන තියන්නෙ මට වටින දේවල්, හැමෝටම මෙතන්ට එන්න ප්රමිශන් දෙන්නෙ නැ.."
"එහෙනම් ඇයි මාව ගෙනාවෙ.."
ඇගේ දෙනෙත් දිලිසෙමින් තිබිණ.ඔහුගෙන් පිළිතුරක් අපේක්ශාවෙන් ඒවා දිදුලන්නට ඇත. කෙසේ කුමක් පැවසුව ද මේඝ කෙරෙහි ඇගේ යටිසිත ආශාක්ත වෙමින් තිබිණ. කිසිවෙකුට ලගාවීමට නොහැකි තරම් වූ ඔහුවන් තරුණයෙක් ඈ සන්තක කොට ගැනීමට වෙරදරන බව දැනීම ද ඈට යම් තෘප්තියක් ඇතිකරමින් තිබිණ.
"දැනගන්නම ඕන ද.."
මේඝ සිය සුසුම් ඇගේ වත වදින තරමට ලං ව පවසන්නට විය. ඇගේ දෙපාවල සිටම හිරියක් ඇදී ගියා ය. දුඹුරු පැහැ ව්යාග්ර දෙනෙත් තුළ ඈ අතරමංව යමින් තිබිණ.
"හ්ම්ම්.."
සහස්රා ගේ වදන් කෙදිරිල්ලක් බදු විය.
"මෙතන තියන්න තරම් වටින කෙනෙක් තමුනුත්..."
සහස්රා දෙනෙත් විසල් කරගතා ය.ඉතින් ඈ යලි යලි ඔහු කෙරේ බැදෙන්නට හේතු සැපයෙමින් තිබිණ.