නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰"හැමෝගෙම ජීවිත එකවගේ නැහැ හස්‍රා. කෙනෙක්ට පොඩි දෙයක් වගේ හිතෙන දෙයක් සමහරවිට තව කෙනෙක්ට ජීවිතේම වෙන්න පුළුවන්."
සහස්‍රා ගේ දෙනෙත් කුඩාව ගියේ මිතුරියගේ වදන් ස්වරයේ තාරතාවත් එහි කැටිව තිබූ හැගීමුත් උවමනාවටත් වඩා ඇයට දැනී ගිය හෙයින් ය.
"මං ඒක දන්නවා. ප්‍රශ්න වලට ලොකු පොඩි කියලා දෙයක් නෑ ඒවා ඩිපෙන්ඩ් වෙන්නෙ අපි ඒ ගැන හිතන විදිහෙන්"
නුවීශා නිහඬය.
"ඔයා කාට හරි ආදරේ කරනවා ද නුවී..?"
එක්වරම සහස්‍රා විමසූ පැනයෙන් ඇය තිගැස්සුනු බව ඇය දුටුවා ය.
🍁* * *
නමුත් ඇය තත්පර කිහිපයක් යාමට මත්තෙන් සිය හැඟීම් සගවමින් සිනහවක් පෑවා ය.
"අපි හැමෝම අපේ වටේ ලගින් ඉන්න අයට ආදරේ කරනවානේ කෙ|ල්|ලේ..."
"ඔව් අපි ආදරේ කරනවා තමයි හැබැයි එක එක පරාසවලින්,
මං අහන්නේ යාළුවොන්ටවත් පේරන්ට්ස්ලාටවත් කරන ඒ වගේ ආදරයක් ගැන නෙමෙයි කියලා ඔයා දන්නවා.""මෙන්න මෙහෙ එන්න අනේ දැන් ඔය විකාර අහන්න නෙමෙයිනේ මාව හොයන් ආවේ.. යමු කොෆී එකක් හදාගන්න..අම්මි ඇවිත් යද්දී ගෙනාව බ්‍රව්නීස් තියනවා.."
හිදසිටි තැනින් නැගිටගත් නුවී සැරසුනේ සහස්‍රා ගේ දෑතින් අල්වාගන ඇයවද කැටුව නිවසට යාමට ය. මිතුරිය සැරසෙන්නේ සිය පැනය වෙනත් අන්තයකට ගෙනයාමට බැව් ඇය වටහා ගත
සහස්‍රා ඇ අල්ලාගත් අතින් පෙරලා ඇද යලි තමා අසලින් හිදුවාගත්තේ නුවීශා ඇගේ අනපේක්ෂිත ක්‍රියාවෙන් පුදුම වද්දීය."මොකද මෝඩියේ තවටිකෙන් කොන්දත් කැඩෙනවා..."
"ඇයි මගාරින්නෙ ම්ම්..අපෙ හැම ප්‍රශ්නෙකදීම ඔයා අපි ගාව හිටියා නුවී, මං ගෙදර ප්‍රශ්න නිසා මෙන්ටලි ඩව්න් උනු හැමතැනකදිම මට හයියක් වෙන්න හිටියේ ඔයා. මේඝන ගැන විශේෂයක් දැනෙන්න ගත්තු පලවෙන්නි දවසෙම මං ඒ දේවල් කිව්වෙ ඔයාට. මොකද මං දන්නවා ඔයාට විතරයි පුළුවන් ඒ දේවල් තේරුම් ගන්න. ඉතින් ඔයා හිතනවාද ඒවගේ මට ඔයාව තේරුම් ගන්න බැරිවෙයි කියලා.."