නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰ඔහු මදක් කනස්සල්ලෙන් මෙන් අසුනට වැටින. ශයිනි ඔහු අසලින් අසුන් ගෙන ඔහුගේ බාහුවක් වටා දෑත් පැටලීය.
"නංගී.."
නමුත් වැඩිවේලාවක් යන්නට මත්තෙන් ඇසුනේ කොප්ගත් හඬින් කෑගැසූ තරුණයෙකුගේ වදන් ය.
ටිරාන් මෙන්ම ශයිනිද වේගයෙන් ඒ දෙසට හැරී බැලී."මූ.."
"අයියා.."
🍁___________________________________________
මිනිත්තු කිහිපයකට පෙර ව්‍යාපාරික හමුවේදී;
මේඝනගේ අනුදැනුම පරිදි ටිරාන් ව්‍යාපාර හමුව සදහා පැමිණ සිටියේ රණබාහු ව්‍යාපාරය නියෝජනය කරමින් ය. මේඝන ද එම හෝටලේම රැදී සිටින් බව දන්වා තිබූ හෙයින් ඔහු ව්‍යාපාරිකයා හමුව අවසානයෙ ඔහුවද හමුවන්නට තීරණය කොට තිබිණ.
සිතුවාට වඩා හමුව වෙනතකට ඇදි ගියේ එහි සිටි අනෙක් ව්‍යාපාරිකයින් අතරින් දේශාන් විමලවීර සෑම විටම ටිරාන්ගේ අදහස් වලට විරුද්ද අදහස් දක්වන්නට වීමත් ඒ තුල පුද්ගවලික ආරවුලක් ඉස්මතු වීමත් නිසා ය.
උපතින්ම හිතුවක්කාරයෙකු වු ටිරාන් තෙවරප්පෙරුම හට සිය ව්‍යාපාරික භූමිකාව අමතකව ගොස් දේශාන් විමලවීර හා ගැටූමකට මුල පිරීමත් අනෙක් ව්‍යාපාරිකයන්ගේ මැදිහත් වීමෙන් ඔවුන් දෙදෙනාව සමතයකට පත් කිරීමත් සිදු වුව ද ටිරාන් පිටව ආවේ දැඩි කෝපයකින් ය.
මෙය දැනගත් පසු මේඝන රණබාහුගේ ප්‍රතිචාර සුභදායි නොවනබව ඔහු දත්තේය. ඔහු කිසිවිටෙකත් සිය පුද්ගලික ගැටුම් ව්‍යාපාර හා එක්ව නොගත්තේ ය. ඔහු සෑම විටම ව්‍යාපාරිකයා යන භූමිකාවේදී හුදෙක් මේඝන රණබාහු පමණක්ම විය. මිතුරු කම් හෝ ඥාතීත්වය ඔහුට අදාලත්වයක් නොවීය. එහෙයින් ඔහු නිසැකවම සිය ක්‍රියාව හමුවේ දැඩි ප්රතිපත්තියක ක්‍රියා කරනු ඇතැයි ඔහු විශ්වාස කලේ ය.
නමුත් ඔහුගේ ඒ සියළු සිතිවිලි ක්ශනයෙන් විසිර ගියේ සිය පෙම්වතිය හා තමාවද තිගස්සවමින් ඇසුනු උස් හඬට ය.
ඔවුන් ඉදිරියේ සිටියේ වෙනකෙකු නොවීය. ඔහුහා මීට සුළුවේලා වකට පෙර ගැටෙන්නට ආ දේශාන් විමලවීර ය.