03 වන පරිච්ඡේදය

9 1 0
                                    


                           🍁නිම්නාද
                         🄽🄸🄼🄽🄰🄳🄰

"රාග්...ඔහොම නවතින්න..කෝ මෙහෙට එන්න පුතා..අම්මිට මහන්සීනේ.."

"බැ..බෑ බෑ...අම්මි මාවා අල්ලන්න ඕනෙ.."

"දැන්නම් අම්මිට මහන්සී චණ්ඩියා පස්සෙම දුවලා...කෝ එන්න වොශ් දාන්නත් ඕන නේ..හවස තාත්ති එනකොට මගේ පුතාට ගේන ටෝයිස් ඕන නම් එන්න අම්මි ලගට.."

"මට ටෝයිස් එපා අම්මේ..මට..නංගි බබෙක් ගෙනත් දේකෝ..

                                   🍁***

"අ..ම්..මා.."

විසිත්ත කාමරයේ සෝෆාවට බරව සිටි මේඝ අවදිව කෑගසන්නට වූයේ.තවමත් නින්ද අහලකවත් නොමැතිව සයනට වී සිටි සහස්‍රා වද තිගස්සවමිනි. සයනයෙන් බැසගත් ඈ වේගයෙන් විත් දෙපා නතර කරගත්තෙ තවමත් සිහිනෙන් මෙන් දෑස් අයා තම එක් අතකින් පපුව පිරිමදිමින් උන් මේඝ ගේ ස්වරූපය හමුවේ ය.

"Are you ok.."

ඇගේ වදනින් පියවි සිහියගත් මේඝ දෑතින්ම හිස පසු පසට ඇද මොහොතක් සිය දුඹුරු පැහැ දෙනෙත් පියා ගත්තේ ය.

"නම මොකක් ද..."

"ආ..."

එක් වරම යොමූ වූ පැනයෙන් සහස්‍රා මදක් වික්ශිප්ත වූවා ය. මෙවන් මොහොතක ඔහුගෙ එවැන් පැනයක් ඈ කෙසේවත් බලාපොරොත්තු නොවිය.ඉතින් සාහස්‍රා මදක් අතරමං විය.

ඔහුගෙ දෙනෙත් විවරව බැල්ම ඈ මතට විතැන් වී තිබිණ.ඇගෙන් පිලිතුරක් බලාපොරොත්තු වන බව ඒ දුඹුරු පැහැ දෙනෙත් වල බැල්මෙන් මනාව වැටහින.

" සහස්‍රා... සහස්‍රා නිම්නාදි වංශනාත්.."

ඇගේ වදන් හමුවේ ඔහුගේ දෙනෙත් මදක් සිහින් වී ගිය ද, ඒ බැල්ම තවත් තීව්‍ර විය.

"විපුල වංශනාත් .."

මුහුණේ කිසිදු හැගීමකින් තොරව මේඝ වදන් පිට කල හැරියේය.

"තාත්තා.."

සහස්‍රා ගේ වදන් හමුවේ මේඝ ගේ තලෙලු පැහැ කඩවසම් වතෙහි ඉරියව් සියුම් ලෙස වෙනස් ව ගියේ. සහස්‍රා ඒ දෙස ගැහෙන් හදින් බලා සිටිය දී ය.

ඝනව වැවී තිබු රැවුල මනාව හැඩකර තිබූ අතර ඒ මධ්‍යයේ ලා පැහැති දෙතොල් මත නොගෙනිය හැකි කාලයක් තුල ඇදී ගියේ වටහාගැනීමට අපහසු සිනහවකි.එය සැබවින්ම උද්දච්ච සිනහවක් යැයි මදකට සහස්‍රා ට සිතින.

නිම්නාද🍁 Où les histoires vivent. Découvrez maintenant