🍁නිම්නාද
🄽🄸🄼🄽🄰🄳🄰
වර්තමානය :,
අනුරාග් මේඝන රණභාහු තම පියාගෙ දෙවන විවාහය හමුවේ කෝපයට පස්වසිටියේ ය. එය හුදෙක් විවාහයක් වීමම නොව තම ප්රතිවාදියෙකුගේම මව හා එය සිදුවීම ඔහුව කෝපය ගිනිගෙන දැවෙන්නට හේතු සාධකය වී තිබුණේ ය.මේ අතර සහස්‍රා මේඝ ගේ හැසිරිම හමුවේ තවමත් සිත සලිත කරගන සිටියාය. අහබු සිදුවීමක් ඔස්සේ ඇදී යන ඇගේත් ඔහුගේත් මේ දිනවල කතාව සහස්‍රා මානසික ව්‍යාකූලත්වයට පත් කිරීමට සමත්ව තිබිණ.
🍁***
"බබා...හවස පොඩි පාටි එකක් තියනවා පරණ යාළුවෝ සෙට් වෙනවා.. ඔයාගේ ක්ලාස්මේට්ස් ලත් එයි..රෙඩි වෙන්න.."
සහස්‍රා ඉදිරියේ අසුනකට බරව සිටි විරාත් වදන් ගොනු කරමින් සිටියේය.සිය සිරුරටත් වඩා විශාල කළු පැහැ ටීශර්ට යකින් සැරසී විලුඹ තෙක් දිගු ඌ පෑන්ටයක් ගතලා සිටි ඈ දෙස විරාත් බලා සිටියේ ආදරණීය බැල්මකිනි. මුදුනට වන්නට බැද තිබූ වරලසෙහි කෙහෙරැලි එක දෙක මුහුණ වටා වැටී තිබිණ. ඇය ඔහු පැමිණෙන කිසිම දිනෙක දනිස්ස තෙක් හෝ වූ ඇදුමකින් සැරසී නොසිටින බව ඔහු හොදින් අධ්‍යනය කර තිබූ කරුණකි. එනමුත් ඉන් ඇගේ සුන්දරත්වය මදක් හෝ අඩු නොවූ බව විරාත් විශ්වාස කලේ ය.
"මම එන්නම ඕන ද .."
සහස්‍රා බොහෝසෙයින් පිරිස ගැවසෙන තැන්හි සිටීම ප්‍රිය නොකලාය. හුදෙකලාව සිය සිතුවිලි හා තනිවීමට ඈ වඩාත් ඇලුම් කලාය.
"ඇයි අකමැති...ඔයාගේ ස්කූල් ෆ්‍රෙන්ඩ්ස්ලත් එයි.."
"මට ශයිනි කතා කලා..ඒත් මම වැඩිය ඕවාට කැමති නෑ කියලා අයියා දන්නවානේ.."
"හැමදාම නෙමෙයි නේ බබා..ම්ම්..ආය යාළුවෝ මීට් වෙන්න චාන්ස් එන්නෙත් නැතිවෙයි..ඒ නිසා යමු.."
ඈ මදක් කල්පනා කරන්නට වූයේ ඔහුගේ සිත පෙර දිනත් රිදවූ බව සිහිවීමෙන් ය. යලිත් එලෙස කිරීමට ඇගේ සිත අකමැතිය.
"හරි මම එන්නම්.."
ඇගේ වදන් හමුවේ විරාත්ගෙ වතේ සිනහ රැල්ලක් ඇදෙන්නට විය.