නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰
"Sir මේ වේලාවේ..inform නොකරම..."
"එයා කොහෙද.."
"පරන තැනමයි sir..Doctor හවස තමා බලලා ගියේ.."
"හ්ම්ම්.."
ඉන් ඉදිරියට යමක් නොවිමසා මේඝන ඇය කැටුව විසල් පරිශ්‍රය ඔස්සේ ඇවිද ගියේ ය. එය උසැති බිත්තිවලින් වෙන් කර සෑදූ අන්ගනයක් විය.
"මේඝන..දැන්වත් කියන්නකෝ..කොහෙද මේ යන්නෙ.."
"මෙච්චර දුර ආව එකේ ගිහින්ම බලන්න ඕන නැද්ද.."
මේඝ ඇයව අංගනයේ එක් අන්තයක් කරා රැගෙන ගියේ ය. සහස්‍රා හට එහි පරිසරය එතරම් හුරුපුරුදු නොවුණද ඇය නැරඹූ සිනමාපට වල මෙන් යැයි සිතුණු තැන් කිහිපයක්ම පසු කරන්නට විය. අවසානයේ ඔහු ඇයව නියමිත ස්ථානයට කැටුව විත් තිබිණ..
උස් ලී කදන් වලින් වට කර නිමවා තිබූ එහි කුඩා ද්වාරයකින් සමන්විත විය. නමුත් එය මිනිසෙකු වුවද නැමී ගමන් කල යුතු අයුරින් ඉතා කුඩාවට නිමවා තිබිණ.
සහස්‍රා තවත් තදින් ඔහුගේ දෑත ග්‍රහනය කර දෙනෙත් ඔහු වෙත විතැන් කලාය. මේඝ ගේ දුඹුරු පැහැ තීව්‍ර දෙනෙත් ඒවන විටත් ඇයමතට වැටී තිබෙනු දැක ඇය සිය චකිතය ඔහු හමුවේ තැබීය.
"There is nothing to fear..come with me.."
ඔහු ඇගේ දෑත සිය විසල් අත්ල මත සගවාගන කුඩා විවරයෙන් ඊට ඇතුලු විය.
"රාග්...එයා.."
එහි ඇතුළුවූ සැනින් සහස්‍රා ගේ දෑස් විසල්ව මුවද විශ්මයෙන් විවර විය. එහි සිටියේ කාළ වර්ණයෙන් හා ඔහුගේ දෑස්වල පැහැයේ සම්මිශ්‍රණයෙන් යුත් අශ්වයෙක් ය.
නමුත් ඔහු සිටියේ මදක් රෝගීව බැව් හැගී ගියේ පිදුරු වලින් සකසා තිබූ සයනයක් වන් බුමුතුරුණු මත දිගාවී සිටියෙන් ය.
මේඝ දනක් නවා සිය මිතුරා වෙත ලංව ඔහුගේ හිසමත හස්තය තබා පිරිමැද්දේ යුවතිය තවමත් ඔවුන් දෙදෙනා දෙසම බලා සිටිද්දීය.
"මේඝන..මේයා ඔයාගෙද..."
"Thunder ( තන්ඩර් )..."
"එයාගේ නමද.."