නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰"පු..තා..."
දිනේශ් රණබාහුගේ නිවහන ද්වාරය ඉදිරියේ වූ ප්රතාපවත් තරුණයා දෙස සුරණි රණබාහු විසල් කරගත් දෙනෙත් වලින් බලා ඇමතුවා ය.
ඇය සිටියේ ගෙවීයන මොහොතේ කෙසේ හැසිරිය යුතුදැයි නොදැන වික්ශිප්තවය. ඔවුන් දෙදෙනාම ඔහුව අපේක්ශා කලද මේසේ මෙවන් මොහොතක මේඝන රණබාහුවන් පැමිණේ යැයි නොසිතන්නට ඇත.
"Mr.Dinesh Ranabahu is here.."
ඔහුගේ සෘජු හඩින් ඇය යලිත් වරක් සසලව ගියා ය. මේඝනගේ වතෙහි කිසිදු හැගීමක් කියවාගත නොහැකි තරමටම නිසල දියක් මෙන්ව තිබිණ
"ඔව්..එන්න පුතා.."
ඇය අසීරුවෙන් වුවද ඔහුගේ තිව්ර නෙත් බැල්මෙන් මිදී වදන් පිටකලා ය.
🄽🄸🄼🄽🄰🄳
සුරණි ඔහුගේ දෙනෙත් බැල්මෙන් මිදී වේගයෙන් නිවස තුලට පිවිසියේ සිය සැමියා කැදවාගන ඒමට ය. ඇයට මේ යෞවනයා දෙස සෘජුව බැලීම අපහසුවක් දැනෙන්නට වූයේ කවුරුන් කුමක් පැවසුවද ඔහුගේ මනසෙහි සිය මවගේ වියෝවට තමා ප්රධානතම සාධකය ලෙස ප්රත්යක්ශව ඇති බව සිහිවය.
දිනේෂ් රණබාහුවන් ලද පණිවුඩයෙන් තිගැස්සුනු බවක් නොවීය. ඔහු සිය බිරිඳ හා පහත මහලට පැමිණෙන විට මේඝන සිය දෑත් පොකට්ටු තුල හොවා ගනම සිටගන සිටියේ ය. ඔහුගේ දෙනෙත් තමා මත බැව් දිනේෂ් ප්රත්යක්ශ කර ගත්තේ ය.
මේඝන රණබාහුවන් සිය ජීවවිද්යාත්මක පියා නොදැක මාස කිහිපයක් ගතව ගොස් ය. ගතව ගිය කාලය තුල ඔහුගේ යම් දෙයක් වෙනස්ව ගොස් තිබුණා නම් ඒ ඔහුගේ දෙනෙත් වල තමා අභියසදී වූ අභිමානය පමණක්ම විය.
දිනේෂ් රණබාහුවන් සිය නොසැලෙන ප්රතිපත්තිවලින් යුත් පුතු අපේක්ෂා වෙන් සිටි මුත් ඔහුගේ පැමිණීම ප්රමාද වීම ඔහුට යම් චකිතයක් ඇති කොට තිබිණ. මෙදින ඔහු පැමිණි බව ඇසීමෙන් ඔහු වික්ශිප්ත නොවුනේ ද එහෙයි ය.
"වාඩි වෙලා කතා කරමු.."
ඔහු සිය පුතු ඇමතුවේ ඔහු ඉදිරියට පැමිණ සෝපාව දෙනෙත් වලින් පෙන්වමින් ය. මේඝන රණබාහු ගේ වතෙහි කිසිදු චලනයක් නොවීය.