05 වන පරිච්ඡේදය

9 1 0
                                    

නිම්නාද~🍁

🄽🄸🄼🄽🄰🄳🄰

"හරිම ...අමුතුයි ...ඔයා කව්ද මේඝන..ඇයි ඔයාගෙ ඇස් ළගදී කාගෙ වත් ලගදි නොවිච්ච විදිහට හිත ගැස්සෙනෙ.."

මෙලස දින දෙකක් ගත වී ගියේය. නමුත් තවමත් සහස්‍රා හට ඔහුගේ ව්‍යාග්‍රයෙකුගේ මෙන් තිවුනු දුඹුරු පැහැ දෙනෙත් අමතක කරගත නොහැකිව තිබිණ.

"හස්‍රා...මොනවද ඔය තරම් කල්පනා කරන්නෙ.."

🍁***

"නුවී.."

"කොහෙද හස්‍රා අතරමං වෙලා හිටියෙ ..."

"ඕහ්...කොහෙවත් නෑ...මම මේ අලුත් ක්‍රියේශන් එකක් ගැන හිත හිත හිටියෙ.."

"Are you sure.."

"හ්ම්ම්.."

"Ok...ඒක නෙමෙයි විරාත් අයියා එක්ක ප්‍රශ්නයක් දා ගත්තා ද.."

"නැහැ..ඇයි.."

සහස්‍රා පිළිතුරු දුන්නේද ගනනකට නොගෙනය.

"ප්‍රසාද් කිව්වේ විරාත් අවුලෙන් හිටියෙ කියලා.."

"මම එදා ෆන්ශන් එකෙන් එයාට නොකියා ආවා කියලා වෙන්න ඇති.."

"මේඝන එක්ක හිටියෙ කියලා කිව්වාද .."

"Are you joking nuvee..දන්නවා නෙ ඒක කිව්වොත් වෙන දේ.. අයියා ට ඉස්සර ඉදන්ම මේඝන එක්ක තිබ්බෙ හොද රිලේශන්ශිප් එකක් නෙමෙයි. මම එදා රෑ හිටියේ මේඝ එක්ක කිව්වා නම් එයාට මේඝ එක්ක ෆයිට් කරන්න රීසන් එකක් දුන්න වගේ වෙයි..."

"හ්ම්ම්..ඒකත් ඇත්ත තමයි..අනික විරාත් අයියා නොකීවට ඌ උ*ඹට ලව් නේ..."

"විකාර ද නුවී..he is my brother ...."

සහස්‍රා ගේ වදන් දැඩිය.ඇයට ඔහු තමාගේම සොහොයුරා වැනිය ඉතින් ඔහු හා ප්‍රේමයක් ගැන සිතීම ම පවා ඇයගෙ කෝපය ඇවිලීමට සමත් කරුණකි.

"උ*ඹට විරාත් අයියා උනාට. විරාත් අයියට නම් ඔයාව එයාගෙ නංගි විතරක්ම නෙමෙයි සහස්‍රා .. උ*ඹට තරහ ගියෙත් මම කිව්ව දේ ඇත්තක් කියල ඔයාගෙ හිතත් දන්න නිසා.."

"හ්හුම්ම්...."

සහස්‍රා බර සුසුමක් අතැරියා ය.සැබවින්ම විරාත් තමා කෙරේ සහෝදරියකට එහා හැගීමකින් සිටින බව ඈ ටද නොවැටහෙන්නක් නොවේ. එය එසේ උවද ඔහුගේ සිත පෑරවීමට නොහැකි වුවත් ඔහුගේ සිතුවිලි හා එකග විය ද නොහැක.

නිම්නාද🍁 Where stories live. Discover now