15 වන පරිච්ඡේදය

4 1 0
                                    


නිම්නාද🍁

🄽🄸🄼🄽🄰🄳🄰

"මොකක් ද උනේ..."

"එයා ආවා..."

සහස්‍රා මේඝගේ දෙපාවලට මැදිව උරහිසට හිස බරගන සිටියාය. ගග කෙලවරට වන්නට වූ ලී පුවරුව මත ඔවුන් මිනිත්තු කිහිපයක් නිහඩව ගත කලෝ ය.

"කව්ද.."

කදුළු නැවතී තිබුණ ද ඇගේ වදන් තවමත් සැලෙමින් තිබුණා ය.

"වං..ශ..නාත්.."

ඇය එය පැවසූ ආකාර ඔහුගේ සිත් නොගත්තේ ය. මේඝ මදක් හිස ඈ වෙතට බර කලේ ය.

"ඔහො..ම බල.න්..න..එ..පා..මේඝන..ඒ මගේ තා..ත්..තා නෙ..මෙයි.."

එවදන් වලින් මේඝ මදක් තැති නොගත්තා නොවීය. නමුත් එය නොපෙන්වා සිය පූර්ණ අවදානය ඈ වෙත විතැන් කලේය.

"ඒ නිසා ද ගෙදර අතෑරලා දාලා ඉන්නෙ..."

"හ්ම්ම්..පුංචිකාලෙවත් එයා මාව ලගට අරන් නෑ මේඝ..එයා මගෙ අම්මිට ආදරේ කලා..ට එයාලාට ළම..යි ඉද..ලා නැහැ.අම්..මාගෙ කැමැත්...තටයි මාව අරන් හදාගන තියන්නෙ..ඒත් එයාට ඕන වෙලා තිබුනේ එයාගෙම ලේ ඉතින් ..එ...යා..ම..ට..."

"ශ්..ශ්...don't cry..hasraa.. විරාත් මේවා දන්නවා ද.."

සහස්‍රා ඊට හිස සැලුවා පමණි.

"හ්ම්ම්..
අද මොකද උනෙ.."

🍁***

පැය කිහිපයකට පෙර;

"කාට පාඩම් උගන්නන් ද අරූගෙ වැඩ බාරගත්තේ..ආ මේ මට ද..? මේ වංශනාත් ට.."

"මේක ඔයාගේ ගෙදර නෙමෙයි Mr.Wanshanath ඒ නිසා සද්දෙ අඩුවෙන් කතා කලොත් ඔයාගෙ නමටත් හොදයි.."

සහස්‍රා සිය කාර්යාල කුටියට වී නව ව්‍යාපෘතිය අධ්‍යනය කරමින් සිටියා ය. කිසිදු දැනුවත් කිරීමකින් තොරවම විවර වූ දොර දෙස ඈ සිය දෙනෙත් ස්ථාන ගත කලා ය. විවර වූ දොර අබියස සිටි උස සිරුරැති මදක් වැවූ උඩු රැවුලකින් හා තද නිල් පැහැ යුරෝපීය ඇදුමින් සැරසී සිටි පනස් විය ඉක්මවමින් සිටි මිනිසා ඈ කිසිවිටකත් අපේක්ශා නොකලා ය. එහු වූයේ විපුල වංශනාත් ය. නැතිනම් ඇගේ නාමික පියා ය.

"හ්හ..මගේ නම ගැනම හිතන නිසා වෙන්න ඇති අරූගෙ පොජෙක්ට් එක බාරගන තියන්නෙ.."

නිම්නාද🍁 Where stories live. Discover now