නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰
"මේ..ඝ.."
"දගලන් නැතුව ඉන්නවා.."
යලිත් ඔහුගේ රුදුරු ස්වරය ය. ඈ නිහඩ ව ඔහුගේ ගෙලවටා දෑත් බැදගත්තා ය. ඔහු අභියස මේ දැනෙන හැගීම කෙරෙහි ඇයට පැහැදිලි අදහසක් නොවීය . නමුත්. සිත ඊට කැමති බව පමණක් ඇයට වැටහි තිබිණ.
"මාව මෙහෙම දකිද්දි uncomfortable ද.."
සහස්රා ව අසුනක තබා එස්ප්රෙසෝ යන්ත්රයෙන් කෝපි කෝප්පයක් පෙරමින් සිටි මේඝ හට ඇගේ දෙනෙත් සිය නිරුවත් උඩුකය මත විඩැන් වී ඇති බව දැක ඇගෙන් විමසන්නට විය
🍁***
"නැ..හ්..It' s.. o.k.."
සැබැවින්ම ඈ මේඝගේ විසල් නග්න උඩු කයෙහි පිම්බී තිබූ බාහු යුගල වෙත සිය දෙනෙත් රදවමින් බලා සිටින්නට වූවා ය. පැරණි ග්රීක පිලිරුවක් සේ දිස්වන ඔහුගෙ කඩවසම් වතින් දෙනෙත් ඉවත් කරලීමට පවා සහස්රා හට අමතකව ගොස් තිබිණ.
මේඝ දෑස් කුඩා කර බලා සහස්රා වෙත විත් සිය අත රැදි කෝපි බදුන ඈ වෙත දිගු කලේය.
"Thanks.."
සහස්රා එය සියතට ගත් විට මේඝ ඈ ඉදිරියෙන් වූ සෝෆාව මත අසුන් ගත්තේ ය.
"කියන්න.."
මේඝ ඇගෙන් විමසන්නට විය. එයින් සහස්රා පැමිණි කරුන නැවත සිහියට නගමින් මුව විවර කලා ය.
"Mr.meghana..මම ආවේ.."
"Just megha..or whatever you want..but don't use Mr."
ඒ වදන් සෘජුය. නමුත් එහි කෝපයක් නොවීය.
"හ්ම්ම්...මේඝ මට දැනගන්න ඕන ඔයා මේ කරන්න තේරුමක් නැති දේවල් ගැන."
මේඝ යලි සිය දෑස් සිහින් කලේ ය.
"මම තේරුමක් නැති වැඩ වලට මගේ ටයිම් වේස්ට් කරන් නෑ හස්රා.."
"එහෙම ද .. එහෙනම් මං වැඩ කරන කම්පැනි එකටම ඇවිත් මගෙ සර්විස් එකම ඉල්ලුවේ මොකට ද.."
"ඇත්තටම මම ආවේනම් නෑ මගේ සෙකට්රි එන්න ඇත්තෙ. But one thing is sure..ඒක මගේ ඩිසිශන් එකක්.."
"ඇයි මාවම.."
"Look at this sahasra..ඒ තීරණේ තනිකරම official ගත්තු දෙයක් ඔයාගෙ කලින් projects මම බැලුවා so I thought you are the best one for my project .. thats it mr.sahasra."