නිම්නාද 🍁🄽🄸🄼🄽🄰🄳🄰
"මේ..ඝ.."
ඇගෙ මුවින් වදන් පිට නොවීය..සිතීමට හෝ ඉඩක් නොවූ නිමේෂයක මේඝ ඇගේ දෙතොල් සිය දෙතොල් වල ග්‍රහනයට ගත්තේය. එය රළු සිපුමක් නොවීය..එය ඇගේ පලමු දෙතොල් හාදුව බව මේඝ දැන සිටියේය. එය ඈට මෘදු ලෙස ලබා දීම ඔහුගේ අරමුණ වන්නට ඇත.
මේඝ ඇගේ දෙතොල් සීරුවට සිපගනිමින් සිටියේ ය. සහස්‍රා හදිසියේ සිදුවූ දෙය හමුවේ වික්ශිප්ත වූ වාය. නමුත් කෙටි තත්පර ගනනක් තුල සිදුවන දේ මම.."
මේඝ ඇගේ කොපුල් හරහා ගැලූ කදුළු පිසලමින් පවසා යලිත් කෙටි හාදුවක් ඇගේ දෙතොල් මත තැබීය.
🍁***
අදහන්න සහස්‍රා ගෙන් මුවින් එක් වදනක් හෝ පිට නොවීය. සහස්‍රා සැබැවින්ම ඒ සිපුම විදගත්බව විශ්වාසය. මේඝ ඇගෙන් වදනක් හෝ බලාපොරොත්තු වුව ද එය එසේ නොවුනු තැන ඔහුගේ ව්‍යාග්‍ර දෙනෙත් මදක් සිහින් විය.
"You want it again..?"මේඝ ඇගේ සවනතකට බරව විමසන්නට විය.සහස්‍රා සැනින් ඔහුව පසකට තල්ලු කර හැරියා ය.
"How..how could you do that to me..."
මේඝ ඊට කිසිත් නොපැවසාම ඩිෆෙන්ඩර් රථයේ ඉදිරිපස දොර විවෘත කර ඈ වෙත සිය හස්තයක් පාන්නට විය.
"නගින්න..මට ලේට්.."
"මේඝන.. ප්ලීස් ඔ..යා.. ඔයාට බෑ මෙහෙම කරන්න.."
"මට බැරි දේවල් මම කරන් නෑ හස්‍රා.."
මේඝ ඇගේ ඉන වටා දෑත් යවා ඔසවන්නට වූයේ සහස්‍රා යලි යලිත් තියගස්සවමිනි. නමුත් ඇගෙන් එක් වදනක් හෝ පිට නොවීය. මේඝ ඇයව අසුනෙහි තබා රියදුරු අසුන කරා පැමිණියේ ය.
රථය ඇගේ අපාට්මන්ටය කරා ධාවනය විය. නමුත් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඩිෆෙන්ඩර් රථය තුල වූ නිහඩතාව බිදීමට උත්සුක නොවීය. සහස්‍රා තවමත් ඔහුගෙන් ලද සිපගැනීම හමුවේ පියවි සිහියෙන් බොහෝ ඈත්ව සිටියා ය. මේඝ ඈ දෙස වරක් පමණක් බලා මාර්ගය වෙතට දෙනෙත් විතැන් කරගත්තේ ය.
"මට කතා කරන්න ඕන..."
"අද නෙමෙයි.."
මේඝගේ රථය ඇගේ ගමනාන්තයට පැමිණ තිබිණ. ඔහු රථය මාර්ගය අසල නවතා තිබිණ.