නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰
"උ*ඹ අමතක කරන්න එපා ඒ තමුන්ගේ නංගි ගේ දරුවා කියන එක..."ඒවා වදන් නොවීය ගෙරවිලි ය. මැදි වියේ මිනිසාගේ දෙනෙත් කෝපයෙන් රත්පැහැවන්නට ගත වූයේ නිමේශයකි.
"ඒ වගේම ඒ උගේ ලේ..ඒකත් මට අමතක නෑ.."
ප්‍රහාරයටත් වඩා ප්‍රතිප්‍රහාරය උස්ව නැගින.
🍁****
"උ*ඹේ සද්ද වලට මං එදත් බය නෑ අදත් බය නෑ විපුල.උ*ඹ හදන්නෙ පරණ දේවල් ඇදලා අරන් මගේ එකාව විනාස කරන්න නම් උ*ඹට ටිකක් අමාරු වෙයි..මොකද තාමත් මේ ප්‍රතාප් රණබාහු ජීවත් වෙනවා. "
විපුල වංශනාත්ගේ වතෙහි කශ්ඨක සිනහවක් ඇදී ගියද එය නිමේෂයකින් ක්ෂයව ගොස් දෙනෙත් පවා රත්පැහැව ගිනිබත්ව ගියේ පසුව ඔහු කලේ අනතුරු ඇගවීමක් බව මනාව වැටහෙද්දීය.
"ඔය කෙ;ල්ලව හදගන්න ගත්ත හේතුව උ*ඹ වගේම හොඳට මාත් දන්නවා. මම මොනවගේ මිනිහෙක්ද කියලා මතක නම්,එහෙම එකෙක්ට මේවගේ දෙයක් හොයාගන්න බැරිවෙයි කියලා කොහොමද හිතුවේ."
විපුලගේ දෑත් මිටිව නහර ඉලිප්පී ගියේ ය.
"මං මේ බොහෝම හොඳින් තමුන්ට කියලා යන්න ආවේ..පොඩි එකාගෙන් ඈත් වෙලා ඉදපන්.එහෙම නොවුනොත්.."
"ඔව් නොවුනොත්..මොනවා කරන්න ද.."
ඔහුගේ හඬ කුටිය පුරා ගිගුම් දෙන්නට විය.
"නොවුනොත් මම නෙමෙයී ඌයි උ*ඹට කරන්න ඕන එක කරන්නෙ. ඒ දිනේෂ රණබාහු කියලා හිතන එක නවත්තපන්.ඒ මේඝන රණබාහු.ඌට උගෙ අප්පාටත් වඩා තියන්නෙ මගේ අප්පගේ ගති..ඒ නිසා පරිස්සමින්"
එය සැබෑය . රණබාහු පුරුක් වලින් මේ වෙතත් ඇති ශක්තිමත් ම පුරුක අනුරාග් මේඝන රණබාහු බවට කිසිදු සැකයක් නොවීය. ඔහුට සිය මුත්තනිවන්ටත් වඩා මී මුත්තනුවන්ගේ ගති දෙගුණයකින් පිහිටා තිබිණ.ඔහුගේ තේජසත් සෘජු ප්‍රතිපත්තිත් සාපේක්ෂව ප්‍රතාප් රණබාහුට සමානකම් පාවද.