නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰
ඈ ඉක්මන් විය.මේ කවුරුත් දන්නා සහස්රා නිම්නාදි වංශනාත් නොව. මේ මේඝන නුරාග් රණබාහුගේ හස්රා ය. ඇය ඔහු අසල දැන් දැන් බොලද හැසිරීම් දක්වන් නීය."එහෙනම් එදා වගේ ලැජ්ජාව නැති කරන්න තිබ්බා හස්රා..."
ඔහුගේ ස්වරය සරාගීය. ඇගෙ දෙපාවල සිට අභ්යන්තරයෙන් හිරිවැටිණ. මේඝන ස්ටියරින් වීලය මත වූ අතැගිලි පිරිමදිමින් හිස අසුනට බර කොට සිටියේ ඇගේ වදන් අපේක්ෂාවෙන් ය.
"රා...ග්..."
"ම්ම්...මතක් උනා ද.."
ඇගේ දෑගිලි සිය දෙතොල් මතට ගියේ නොදැනීමය. ඔහුගේ සිපගැනීම් ලද දෙතොල් ඔහුගෙ පහස අයදිනවාක් මෙන් හැගින.
"My girl..hear me?.."
🄽🄸🄼🄽🄰🄳🄰
"හ්ම්ම්..."
" I need you just now..."
"මේඝ.."
සහස්රාගේ වත් පුදුමයෙන් තිගැස්සින..ඔහුව ඉල්ලා හඩන සිතට තරවටු කලා පමණය. ඔහු මෙලෙස යලි ගිනි තබන්නේ ඇගේ සිතිවිලිය.
"After two days..මං එනවා , යාළුවාගේ ගේ ලගින් පික් කරන්නම්.."
"ඇත්තම ද.."
ඇය කෙදිනක සිට මෙවන් බොලද ආකාරයට හැසිරෙන්නට පටන් ගත්තේ දැයි ඇයට හෝ මතකයක් නැත. නමුත් ඔහුගේ ප්රතාවත් පෞර්ෂය හමුවේ ඇගේ සිත පවසන්නේම එසේ වන්නට ය.
"ඊළගට meet වෙද්දි මගේ project එකේ progress එකක් ඕන.."
"Ok..ඒත් ආයම යන්නද එන්නෙ.."
ඔහුගේ වත මත සිනහවක් ඇදෙන්නට ඇත නමුත් එය පිටතට නොපෙනෙන තරම්වූ චලනය වූවේ ය.
"නැ..ඕන වුනොත් දවසින් ඇවිත් යන්න එනවා. ආයමත් නවතින්න ආවොත් අරන් එන්නෙ.."
"අරන් ?..මොනවාද..."
ඇය විමසන්නෙ කුතුහලිනි.
" my dairment.."
ඔහු හඩ මදක් අඩු කර ඒවා සරාගී කොට තිබිණ.සහස්රා දුරකථනය සවනටම තද කරගනිමින් සයනයේ දිගෑදුනාය. සුදු පැහැ සුවපහසු කොට්ටයක් ගෙන ළයට තුරුලු කරගත්තා ය.එතැන් සිට ගතව ගිය මිනිත්තු දෙදෙනාම එකිනෙකාගේ සුසුම් හඩ අසා සිටින්නට ඇත.