36 වන පරිච්ඡේදය

28 1 0
                                    

                               නිම්නාද🍁
                           🄽🄸🄼🄽🄰🄳🄰

"ඒකි උ;ඹව හොයාගන උඹේ ගෙදර ගිහින්..උ*ඹ කෝල්ස් ආන්ස්වර් කරපු නැති නිසා security එකෙන් මට ගත්තා.."

මේඝන ඇය යනදෙසම බලා සිටියදී මිගාර ඔහු හා මදක් කෝපයෙන් පැවසුවෙර් මෙතෙක් වේලා මවාගන උන් සැහැල්ලුව ඉවතලමින් ය.

"මං උ:ඹට කතා කරන්නෙ හු;//.."

"මට ඇහුනා.."

ඔහු රථය ඉදිරියට ගත්තේ ය.

                                 🍁* * *

"දැන් උ|ඹ මොකද කරන්නෙ. අරකි හොයාගන ගෙදරම එන්න තරම් මේක දුර දිග යැව්වාද. මං මේ උ|ඹට කතා කරන්නෙ මේඝන. මේක සෙල්ලමක් නෙමෙයි අර කෙල්ල ඉන්නෙ තව pain එකක් දරාගන්න පුළුවන් තත්වෙක නෙමෙයි බං. මං දැක්ක පලවෙනි තත්පරේම තේරුණ්ගත්තා එ කෙ;ල්ල උ|ඹව සෑහෙන්න ලව් , අනික ඒ ඇස්වල උ|ඹ ගැන තිබ්බ trust එක , ඒක අපි හිතනවාට වඩා ලොකු තැනක තියන්නේ. ඒ trust එක break වුනොත් ඒක ආය ගන්න බැරි වෙයි ඔය කොයි කොටි•යාට වත්.."

මිගාර ශටරය මත තබා දෑගිලි නිකට මත තබාගන පවසන්නේ බැරෑරුම් වතින් වුවද ඔහු නිහඬය. මේඝන රණබාහුවන් නිහඬය නමුත් ඔහුගේ මනස නිහඬ නොවන්නට ඇත.

ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොවූ තැන මිගාරද කිසිත් නොකියාම සිටියේ ඔහු කෙසේවත් දැන් කතා නොකරන බව වටහාගන ය.

සුඛෝපභෝගී රථය විවර වූ ස්වයංක්‍රීය ගේට්ටු අතරින් දවලපැහැගැන්වූ විසල් නිවහන ඉදිරියෙන් තිරිංග තද විණ.

"පොඩි බේබි ගැණු දරුවෙක් ඇවිත් ඉන්නවා.."

"මං බලන්නම්.."

නිවසෙහි කවුරුන් හෝ නොමැති දිනවල නිවසෙ සේවයෙහි නියලෙන මැදිවියේ කාන්තාව පැවසුවේ මින් පෙර එලෙස තරුණයින් රණබාහු නිවහනට ආ බවක් සිය ඉතිහාසයේ නොතිබූ හෙයින් ඉන් මදක් විශ්මයට පත්වය.

මේඝන ඇයට කෙටි පිළිතුරු සපයා මිගාරද කැටුව නිවසේ විසිත්ත කාමර වෙතට ඇවිද ගියේ ය. ඔහුගේ පියවර හඬින් සෝපාවේ හිද හිස පහතට බර කර සිටි යුවතිය සැනින් හිස එසවූයේ පැමිණ ඇත්තේ ඔහු බව වටහා ගත්තාක් මෙන් විය.

නිම්නාද🍁 Where stories live. Discover now