" කලරාජ්.."භාවනා කර කර හිටිය මගෙ දැහැන බිදිලා දාන්න ඒ කටහඩට පුලුවන් උනා..
මං එහෙම්ම නැගිටලා ඌ ලගට යද්දි අසූර් මට සුදු ශර්ට් එක අන්දලා බොත්තම් එකින් එක පියවන්න ගත්තා..
අසූර්..මගෙ අම්මා මට දීලා ගිය වටිනම දේ..ඒකා තනිකර යක්ෂයෙක් තාම මටවත් හීලෑ නොවිච්ච..
" ඇයි උබ ආවේ.."
" බඩු ටික ආවා.."
" ම්ම්..මං එන්නම් වාහනේ එළියට ගනින් ගිහින්.."
ආපිට මට උත්තර නොදී අසූර් යන්න ගියා..අසූර්ගෙ කොහොමත් වැඩි කතාවක් නැති වෙද්දි ඌ කතා කරන්නෙ වැඩ වලින්..
මූණට වතුර ටිකක් ඉහගත්ත මං ගෙදරින් එළියට ආවෙ වැල්ලට යන්න..මේ වැල්ලෙ හැම වැලි කැටේකම පාලනේ මගෙ අතේ වෙද්දි මං හැම එකාම ඉස්සරහා තිරිසනෙක් උනා..උන් මට කියන්නෙ කරාජ් කියලා තේරුම මරණයේ අධිපතියාලු..හැමෝම මාව දන්නේ එහෙම උනත් ඇත්තටම මං කව්ද කියන එක මංවත් හරියට දන්න දෙයක් නෙවෙයි..
අවුරුදු දාසයෙන්ම අතේ ලේ ගා ගත්ත මම තාමවත් ජීවත් වෙන්න ලොකුම හේතුව මීට අවුරුදු ගානකට කලින් කෙනෙක්ට දුන්න පොරොන්දුව වෙද්දි එතනින් එහාට මහෙ ජීවිතේ කිසිම අරමුණක් නැති තරම්..
" උබ නැගපන් මං වාහනේ ගන්නම්.."අසූර්ට ඩ්රයිව් කරන්න නොදී මං ඩිෆෙන්ඩර් එකේ ඩ්රයිවර් ශිට් එකේ ඉද ගත්තා..
" බඩු ටික ගෙනාවෙ කොයි බෝට්ටුවේද.."
ඩ්රයිව් කරන ගමන් මං ඌට කතා කරා..
" දේවේන්ද්ර.."
" ඇයි බාසු.."
" තාම ඉන්දියාවේ.."
YOU ARE READING
කලරාජ් BL
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..