Part 12

821 118 139
                                    

" කලරාජ්.."

" කියපන්.."

වැල්ලෙ වාඩි වෙලා ඔහේ මුහුද දිහා බලාන කල්පනා ලෝකෙක හිර වෙලා හිටිය මං සිහියට ආවෙ අසූර් උරහිසට අත තියලා මට කතා කරද්දි..

" ම්ම්ම්.."

ඌ උගෙ ෆෝන් එක මං දිහාට දික් කරද්දි  මං ඒක අතට ගත්තා..

" මං හිතන්නෙ කන්හාගෙ වැඩක්.."

එෆ් බී එක පුරා කන්හාගෙ අප්පච්චිගෙ වගේම වැල්ලෙ අනිත් මිනිස්සුන්ගෙ මරණෙට හේතුව මං කියලා මට චෝදනා එල්ල වෙලා තියනවා දකිද්දි මගෙ කට කොනට ආවෙ හිනාවක්..

ඉදකින් යක්ෂයෝ මුන් වගේ උන් මැරිලාම යන්න ඕනි..

අනේ දෙයියනේ රන්දීශ් මේ දුක කොහොම දරා ගන්නවද දන් නෑ..අපි ඔයා එක්ක ඉන්නවා රන්දීශ්..

අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන තිරිසන්නු..

මේ වගේ තිරිසන් මිනිස්සු නැති කරලා දාන්න කවුරු හරි පියවරක් ගන්නම ඕනි..නීතියෙන් බැයිනම් අවනීතියෙන් හරි කලරාජ් වගේ යක්ෂයෝ නැති කරලම දාන්න ඕනි..

මට විරුද්දව දාලා තිබ්බ මිනිස්සුන්ගෙ කමෙන්ට් එකක් දෙකක් කියෙව්ව මං නැගිට්ටෙ හයියෙන් හිනා වෙන ගමන්..

" හහ් හහ් හහා..මූට කරන්න පුලුවන් මෙච්චරද.."

" කලරාජ් මේ වෙද්දි මිනිස්සු ඔක්කොම කතා වෙන්නෙ මේ ගැන.."

" කතා උනාට උන්ට මට කරන්න පුලුවන් දෙයක් නෑ අසූර්..බොරුවට වීරයෝ වෙන්න අකුරු ටිකක් ටයිප් කර කර දගලයි එතනින් එහාට ගිහින් මට මුකුත් කරන්න ඔය සාධාරණය වෙනුවෙන් කෑගහන එකෙක්ට කොන්ද පණ නෑ.."

" ඒත් කලරාජ්.."

අසූර්ගෙ ෆෝන් එක අල්ලලා මුහුදට විසික් කරපු මං උගෙ බෙල්ලෙන් අල්ලා ගත්තේ ඌ වේදනාවට ඇහිබැම රැලි කර ගද්දි..

" මේ සේරටම මුල තෝ නෙවෙයිද අසූර්..තොපි එකතු වෙලා නෙවෙයිද මේවා කරේ මං ඔය එකකටවත් සම්බන්ධ උනාද..මිනිස්සු මැරුවා මදිවට තෝ අර සක්කිලි ඇමතියා එක්ක එකතු වෙලා ඒ මිනිස්සුන්ව උන්ගෙ පවුලෙ උන්ටවත් බලන්න ඉඩ නොදී අළු කරලා දැම්මා.."

කලරාජ් Where stories live. Discover now