Part 6

1K 138 35
                                    


" කලරාජ් අනේ මහත්තයා එහෙම කරන්න එපා මහත්තයා ඕකෙන් හම්බෙන සොච්චමෙන් තමා වැල්ලෙ උන් ඔක්කොම ජීවත් වෙන්නේ.."

ආශ්...ඉදලා ඉදලා ලෙල්ලමට ආවම හැමදාම ඔහොමයි..මුන්ගෙ අදෝනා අහනවා අහනවා ඉවරයක් නෑ..

" කව්ද උබලගෙ දැල් කැපුවෙ.."

" කියපන් ඉතින්.."

" තොපි කියන් නෑ නේ..ඕනි හු#තක් කර ගනින් ඒහෙනම්.."

" මමයි කැපුවේ.."

මං හිතුවා හරි ඔය එන්නෙ යක්ෂයා..

" ඇයි උබ මුන්ගෙ දැල් කැපුවේ.."

" අපිට නැති මාලු මුන්ට මොකටද කලරාජ්.."

අසූර් හැගීම් විරහිතව කියද්දි මං උගෙ බෙල්ලෙන් අල්ලා ගත්තා..

පරයා මේකා හැමදාම යක්ෂ වැඩක් කරනවමයි..

" මොකටද..මොකටද කියලා නොතේරෙන්න තෝ ළදරුවෙක්ද අසූර්.."

" මුන් කාලා ඉන්නෙ ඒකෙන්..මං උබට හැමදාම කියනවා වැල්ලෙ උන්ට උන්ගෙ වැඩේ පාඩුවේ කර ගන්න දීපන් කියලා.."

" කලරාජ්..වැල්ලෙ උන්ටත් දෙවනි වෙන්න යනවද දැන්..ඊයෙ පෙරේදා ඉදන් අමුතු දේව ගති පහල වෙනවා කියලා මට තේරුනා.."

ඌ මුමුනව්වෙ මගෙ ඇස් දිහා කෙලින් බලාන..මෙච්චර කාලෙකට මගෙ ඇස් දිහා කෙලින් බලන් කතා කරන්න හයියක් තිබ්බෙ මේකට විතරයි..

මං අසූර්ව බෙල්ලෙන් අල්ලලා පැත්තකට විසින් කරේ ඌව ගිහින් මාලු ගොඩටම වැටෙන්න..

" ගාමිනී මුන්ට කීය කීය හරි දීලා යවපන්.."

" හරි කලරාජ්.."

" බොහොම ස්තූති මහත්තයා..පින් සිද්ද වෙනවා.."

" මට තොපෙ පින් ඕනි නෑ බොල..මකබෑවිලා පලයන් යන්න මෙතනින් දැන්.."

" දැල් කපාන යන්න බෝට්ටුව එලෙව්ව එකා මොකාද.."

" කලරාජ්.."

" ගාමිනී උබ දන්නවා මං එකම දේ ආයෙ අයේ කියන්න කැමති නෑ කියලා එක පාරක් ඇහුවම උත්තර දීපන් මගෙ යකා අව්ස්සන් නැතුව.."

" කලරාජ් ඌ පොඩි එකෙන් ඊයෙ පෙරේදා ආවෙ..බන්ටිගෙ පුතා.."

" ම්ම්..ගුඩ්.."

කලරාජ් Where stories live. Discover now