එලාම් එක වදින සද්දෙට ඇහැරුන මං ඇස් පියානම එහෙ මෙහෙ වෙද්දි ඉන වටේ එයාගෙ ලොකු අත් එතෙනවත් එක්කම තමා මතක් උනේ රාජ් මාත් එක්කනෙ කියලා..
" අර හුත්ත ඕෆ් කරපන්කෝ.."
" මාව අතෑරපන් ඉතින් ෆෝන් එක ඇද අයිනෙ තියෙන්නෙ අත දිග නෑ.."
රාජ් මාව අල්ලන් ඉන්න නිසාම එලාම් එක වැදෙන ෆෝන් එකට අත දිග නැති නිසා අතාරින්න කිව්වත් මගෙ අත්වලට වඩා එයාගෙ අත් දිග වෙද්දි ඈත තිබ්බ ෆෝන් එක එයා මගෙ ලගට ලං කරා..එලාම් එක ඕෆ් කරපු මං එහෙම්ම එයාගෙ පැත්තට හැරිලා තුරුල් වෙන්න ගියත් මගෙ දිහා එයා කන්න වගේ බලන් ඉද්දි තුරුල් වෙන් නැතුව මාත් එයාගෙ මූණ දිහාම බලන් තප්පර ගානක් බලන් හිටියා..තාමත් නිදි මතේ බර උන ඇස් අවුල් උන කොණ්ඩෙ ඝන ඇහිබැම අවර්ණ නොවුන එයාගෙ තොල් කියන්නෙම මගෙ තොල්වලට ආසයි කියලා..
" මොකද.."
" නිකන්..මං හිතුවෙ නෑ උබෙ නපුරු ඇස්වලින් මේ තරම් ආදරේ දෝරෙ ගලයි කියලා.."
" උබට දැන්ද මගෙ ඇස්වලින් ආදරේ පේන්නේ.."
" දැන් පැහැදිලියි.."
මුකුත් නොකියා රාජ් මගෙ නලලින් හාදුවක් තියද්දි ඇස් වහගෙන මං ඒ ආදරණීය හාදුව විද ගත්තා..
" අම්මලා එන්න කලින් යන්න.."
" අම්මා මට මුකුත් කියන් නෑ.."
" අම්මා මුකුත් නොකිව්වට අහිංසා දැක්කොත් ඒක හරි නෑ.."
" තාත්තියෝ..."
" දුවන්න එපා අභී..කන්හා තාම නිදිද රත්තරං ඔයා.."
මට කියලා කට ගන්න හම්බුන් නෑ අම්මලා දොර ඇරන් ගේ ඇතුලට එනවා ඇහෙද්දි මං බැලුවෙ රාජ්ව හංගන්න තැනක්..
" අරක ඇතුලට යනවා.."
" බෑ..නිදා ගන්න දීපන්කෝ.."
" කියන දේ අහපන් මිනිහෝ.."
තාමත් නිදි මතේ ඉන්න රාජ් මාවත් බදාන ආයෙ නිදා ගන්න ගියත් අමාරුවෙන් එයාගෙන් ගැල උන මං එයාව ඇදලා අරන් අල්මාරිය අස්සට තල්ලු කරලා දොර වහද්දිම ඒ පරක්කුවට කාමරේට දුවන් ආව අභී පස්සෙන්ම අහිංසත් එද්දි මං මුකුත් නොවුන ගානට ආයෙත් ඇදට පැනලා දැන් ඇහැරිය විදිහට නැගිටලා ඇදේ ඉද ගත්තා..
YOU ARE READING
කලරාජ් BL
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..