මහ පාන්දරම අසූර් එක්ක මං ආවෙ ලෙල්ලමට..පාන්දර දෙකයි..මේ වෙලාවට ලෙල්ලමේ වෙන්නෙ මාළු බිස්නස්නම් නෙවෙයි..
" ක්යා නාව් ආ ගයී.."
(බෝට්ටුව ආවද..)" ආයා.."
(ආවා..)" ගූඩ්.."
"අසූර්..බෝට්ටුව බලලා බඩු ටික බාපන්.."
මගෙ පිටි පස්සෙ හිටිය අසූර්ට කියද්දි ඌ බෝට්ටු පැත්තට ගියෙ ලග හිටිය ඉන්දියන් කාරයාට මාරගෙන කන්න පුලුවන් බැල්මක් දාගෙන..
කාට උනත් රවන්න ඕකට හේතු ඕනි නෑ..
" ගාමිනී.."
" කලරාජ්.."
" මූව තව පැයකින් ආපහු පිටත් කරපන්.."
" ඒත් කලරාජ්..ඇමතිතුමාට මූව හම්බෙන්න ඕනි කිව්වා.."
" උබ මං කිව්ව දේ කරපන් ගාමිනී..ඇමතියාට මාත් එක්ක මිසක් ඉන්දියන් කාරයොත් එක්ක ගණුදෙනු කරන්න බෑ කියපන්.."
" හරි කලරාජ්.."
" චලො.."
( එන්න..)" උස්කේ සාත් ජාඕ.."
( ඌ එක්ක යන්න..)ඉන්දියන් කාරයා ගාමිනී එක්ක යන්න යද්දි මං ලං උනේ බඩු ගෙනාව බෝට්ටුවට..
දේවේන්ද්‍ර..උබ දැන් හොර බඩු පටවන් එනවා හොදටම වැඩී..
" කෝ බඩු ටික.."
" බඩු ටික නෑ එක පෙට්ටියකවත් පිදුරු ටික විතරයි..උන් අපිව රවට්ටලා.."
" ආශ්..පර බල්ලෝ.. අරූව මරලා දාපන් අසූර්..බෙල්ල යවපන් ඉන්දියාවට ආපහු ඔය පෙට්ටියකම දාලා.."
මගෙ අතේ තිබ්බ කඩුව අසූර්ට පාස් කරද්දි ඌ ඒකත් අතට අරන් බෝට්ටුවෙන් බැහැලා ගියා..
මාව අන්දන්න තරම් හයියක් ආවෙ කොහොමද උන්ට..
ට්‍රීං...ට්‍රීං...ට්‍රීං...
ෆෝන් ස්ක්‍රීන් එකේ ඇමතියාගෙ නම වැටෙද්දි මං අතින් නලල මිරිකා ගත්තා..
අඩුවට තිබ්බ කරදරෙත් හරි..
" කියන්න ඇමතිතුමා.."
" බඩු ටික ආවද.."
" නෑ.. උන් අපිව රවට්ටලා.."
" මොන හු#තක්ද කලරාජ් උබ කියන්නේ..ලක්ෂ ගානක ගංජා යකෝ ඒ..උබ මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා පුලුවන් තරම් ඉක්මනට මට බඩු ටික ලැබෙන්න සලස්වපන්.."
![](https://img.wattpad.com/cover/365692707-288-k66407.jpg)
YOU ARE READING
කලරාජ් BL
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..