දවස් පහක්ම ගෙවිලා ගිහින්..ඒ දවස් පහේම පොඩි එකා හොස්පිටල් එකේ..රාජ් අභී ලගින් හෙල්ලුන් නැති තරම්..අකමැත්තෙන් උනත් කියන්න වෙනවා ඌ මගෙ හිතට අමුතු විදිහට ලොකු හයියක් උනා..එහෙට දුවනවා මෙහෙට දුවනවා අසූර්ටයි එයාටයි මේ දවස් ටිකේ මගෙ කොල්ලා නලවනවා ඇර වෙන වැඩක් තියෙන්න නැතුව ඇති..අභීට බෙහෙත් පොවා ගන්න මං කොච්චර දැගලුවත් බැරි වෙද්දි ඒ දෙන්නා කොල්ලව වඩාන හුරතල් කර ගමන් කිසිම කරදරයක් නැතුව බෙහෙත් පෙව්වා..මගෙ පැටියා ඉස්සර ඉදන්ම ගොඩක් දුර්වලයි ඒ නිසා පොඩි උනක් හැදුනක් සෑහෙන්න අමාරු වෙනවා..එයා ලෙඩ වෙන වාරයක් පාසා මගෙ හිත පුදුම විදිහට කඩන් වැටෙන්නේ..මොනා උනත් මගෙ හා පැටියට හැමෝගෙන්ම ආදරේ මදි නොකියන්න ලැබෙනවා..අම්මා අහිංසා ශාරු දැන් අසූගෙනුයි රාජ්ගෙනුත්..අභී මාත් එක්ක ඉන්නවා වගේම රාජ් ලගත් පුදුමාකාර සතුටකින් ඉන්නේ..රාජ්ගෙ ලස්සන පැත්තක් මං මේ දවස් ටිකේ හොදටම දැක්කා..
දවස් කීපයක්ම වැඩට නොයා හිටිය නිසා රාජ්ගෙ බලු කුක්කො ටික ස්ටේශන් එකේ ආයෙත් උන්ට ඕනි ඕනි නාඩගම් නටන්න පටන් ඇරන්..
" ගුඩ් මෝර්නිං කුමාර.."
" ගුඩ් මෝර්නිං සර්.."
ස්ටේශන් එකට ඇවිත් මං මගෙ කැබින් එකට යද්දි කුමාර මගෙ චෙයා එකේ ඉදගෙන සිගරට් එකක් අදින ගමන්..ඌ බලාපොරොත්තු නොවුන විදිහ මං ඇතුලට ඇවිත් ගුඩ් මෝර්නිං කියද්දි කුමාර ගැස්සිලා නැගිට්ටෙ සිගරට් එක නිවා ගන්න ගමන්..
" උබට උබෙ තැන අමතක උනාද කුමාර.."
" සොරි සර්.."
කුමාර මට නෝන්ඩියට වගේ සොරි කියලා එළියට ගියා..
තව පොඩ්ඩක් ඔහොම නටපුදෙන්කෝ..
" සර්.."
" ඔහොම හිටපන් රීටා..උබට ඕක ඇතුලට යන්න බෑ.."
මට හරියට හුස්මක් ගන්න ලැබුන් නෑ..එක පාරම කැබින් එකට ගෑණු කෙනෙක් අඩාගෙන එද්දි කුමාර මොකක්දෝ නමක් කියලා එයාව නවත්තන්න ගියත් ඒ ගෑණු කෙනා කුමාරවත් තල්ලු කරන් ඇතුලට ඇවිත් මගෙ ලග දණ ගැහුවා..
" සර්..මට මගෙ කෙල්ලව හොයලා දෙන්න සර්.."
" අම්මේ..නැගිටින්නකෝ.."
YOU ARE READING
කලරාජ් BL
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..