Part 19

892 102 239
                                    

" කලරාජ්.."

" ගැහුවා කලරාජ් ගැහුවා.."

වැල්ලෙ පොඩි බෝට්ටුවක හාන්සි වෙලා අහස දිහා බලන් ඉන්න මං ලගට ගාමිනී ආවෙ කෑ ගහනෙන..

" මොකද බං.."

" අර පොලිස් කාරයා ගැහුවා කලරාජ්.."

නැගිටලා මං ගාමිනී දිහා බලද්දි උගෙ මූණත් එක්ක නිල් වෙලා ඉදිමිලා තිබුනා..

මූ මේ පොලිස්කාරයා කිව්වෙ කන්හටද..

" කවුද.."

" රන්දීශ්.."

ඌ වේදනාවට ඇග හැම තැනම අත ගාන ගමන් කියද්දි මට නක්කලේට හිනාවක් ගියා..ලගදිම දවස කන්හා මටත් අත උස්සයි වගේ..

" තෙල් ටිකක් ගා ගනින් ගිහින්.."

" ඒක අව්ලක් නෑ කලරාජ් අපි විසල්ට මොකද කරන්නේ.."

" මං බලා ගන්නම් ඒක.."

මං ඌට උත්තර දුන්නේ අත් දෙක පිටිපස්සට බැදන් මුහුද දිහාට ඇවිදන් යන ගමන්..

කන්හා සෑහෙන්න වෙනස් වෙලා..දැන් තමා ඒකාගෙ ඇගෙ හරිම කෙනාගෙ ලේ දුවන්න ගත්තේ..සමහර වේදනාවල් නිසා මිනිස්සු ගොඩක් ශක්තියක් වෙනවා..

" මං විසල්ට කියලා ආවෙ කලරාජ් ගැන කිසි දෙයක් පොලීසියට කියන්න එපා කියලා.."

" උබ කියන්න ඕන් නෑ බං ඒක..ඌ කොහොමත් එක කෙල බිදක් හලන එකෙක් නෙවෙයි.."

" කොල්ලා බන්ටි වගේ නෙවෙයි නේ.."

" ඌ කොහොමත් බන්ටිගෙ නෙවෙයි බං.."

" කලරාජ් මොනාද මේ කියන්නෙ.."

" මට සහෝදරයො හැම තැනම.."

" ඒ කියන්නේ.."

" ම්ම්ම්..විසල් අරූගෙ ළමයෙක්.."

මං කැමති නෑ ඌට තාත්තා කියන වචනෙ පාවිච්චි කරන්න..ඒකා තනිකරම තිරිසනෙක් ඒ වචනෙට සුදුසු එකෙක් නෙවෙයි..හිතෙන හිතෙන වෙලාවට තමන්ට ඕනි ඕනි ගෑණු ඇදට අරන් විනාස කරලා දානවා..ඌට දාව ඉපදුන මං වගේම කාලකණ්ණියෙක් තමා විසල් කියන්නෙත්..තව කොහෙ කොහෙ ළමයි පැටව් ගහලද කියන්න ඌවත් දන්නෙ නැතුව ඇති..බන්ටි මැරෙනකන්ම දැනන් හිටියෙ නෑ විසල් උගෙ ළමයෙක් නෙවෙයි කියන්න..

කලරාජ් Where stories live. Discover now