තද නින්දෙන් ඈත් වීගෙන ඔලුව බර වීගෙන ආවත් මං ලගින්ම දැනුන ඒ උනුහුම ඒකට ලොකු සහනයක් උනා..සුවදයි..හිත නිවිලා යන සුවදක්..සැනසීමෙ ඒ උනුහුම ඒ සුවද අස්සෙ මං ගුලි උනා..විනාඩි කීපයක්ම එහෙම්ම හිටියා..තව ගොඩාක් වෙලා මට එහෙම්ම ඉන්න ඕනි උනත් මං හෙමීට ඇස් ඇරලා බලද්දි..
" රාජ්.."
මං තුරුල් වෙලා තියෙන්නෙ එයාට..
එක පාරටම ඔලුවට ගියෙ නෑ ඇයි මං එයා ලග කියලා..කලබලෙන් ඇදෙන් බැහැලා වට පිට බලද්දි තමා මීටර් උනේ මං එයා ලග නෙවෙයි එයා මගෙ කාමරේ ඉන්නෙ කියලා..
මොකක්ද ඊයෙ රෑ උනේ..
" උබ මොකද මගෙ කාමරේ කරන්නෙ අහ්.."
" රාජ්.."
මාව සත පහකට ගනන් ගත්තෙ නැති එයා මගෙ ඇදේම මගෙ කොට්ටෙ තුරුල් කරන් අනිත් පැත්ත හැරුනා..
" රාජ් මගෙන් මැරුන් නොකා නැගිටපන්..තෝ මොකද මගෙ කාමරේ කරන්නෙ.."
" දැන්ම බැහැපන් මගෙ ගෙදරින් එළියට.."
" චහ්..මොන හු#තක්ද..නිදා ගන්න දීපන්කෝ.."
" රාජ්....! "
" අන්තිම පාරට කියන්නෙ හොද හිතින් නැගිටලා පලයන් යන්න මෙහෙන්.."
කොච්චර කිව්වත් ඌ නැගිටින්නෙම නැති නිසා මං එයා ලගට ගිහින් බ්ලැන්කට් එකෙන් ඇද්දා..
" නැගිටපන් රා__ම්හ්.."
මං බ්ලැන්කට් එකෙන් අදිදි එයත් ආපිට ඒක ඇදලා ගත්ත පාර මං රාජ්ගෙ පපුව උඩ..ඒ නිදිමත ඇස් මගෙ ඇස් එක්ක පැටලෙද්දි හැමදාම වගේ මං උත්සාහ කරා ඒවා කියව ගන්න..මොන වගේ කතාවක්ද හැංගිලා තියෙන්නෙ කියලා තේරුන් ගන්න..ඒත් තාම තේරුන් ගන්න බෑ ඇයි ඒ නපුරු ඇස් එච්චර අසරණ වෙලා කියලා..
" උබට මතක නැද්ද ඊයෙ මොකද උනේ කියලා.."
පිට දිගේ ඇවිත් ඔලුවෙන් නතර උන එයාගෙ අතේ ඇගිලි කොණ්ඩෙ අස්සෙන් එහෙ මෙහෙ යද්දි සනීපෙට මගෙ ඇස් මොහොතකට පිය උනේ මටත් නොදැනීම..
ඊයෙ මොනාද උනේ..මට කියන්න එපා රාජ් උබ ආයෙත් පාරක් මාව..
" මං උබට මොනා හරි කරානම් නැගිට්ට ගමන් ඔහොම බෙරිහන් දෙන්න බෑ නේ නේද.."
YOU ARE READING
කලරාජ් BL
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..