අසූර්ට එන්න කිව්වට එයා ඇවිත් හිටියෙ තනියම නෙවෙයි..වාහානෙන් බැස්ස රාජ් මට බැනගෙන මගෙ ලගට ආවත් අසූර් මට දොර අරිද්දි මං රාජ්ව ගනන් නොගෙන වාහානේට නැන්ගෙ අහිංසට මට කලින් නගින්න ඉඩ ඇරලා..
" අසූර් යමන්.."
රාජ් වාහානේට නගින ගමන් අසූර්ට යන් කියද්දි එයා වාහනේ ස්ටාර්ට් කරලා පාරට දැම්මා..
" අයියා මේයාලා.."
" බය වෙන්න දෙයක් නෑ අහිංසා.."
මගෙ කතාවෙ ගොඩක් දේවල් අහිංසා දැනන් හිටියට රාජ්ව එයා දන්නෙ නෑ..කෙල්ල ටිකක් බය වෙලා මේ දෙන්නා දැකලා..
අභී මගෙ බෙල්ල අස්සෙ මූණ හංගා ගද්දි මං අහිංසාගෙ ඔලුව අත ගෑවා..බයෙන් වගේ එහෙ මෙහෙ යන එයාගෙ ඇස්වල කදුලු පිරිලා දැන් ගොඩ වෙලාවක ඉදන්.. ඒ කදුලුවලට වැටෙන්න ඉට දෙන්නෙත් නෑ එයාට ඒවා හංගා ගන්නත් බෑ..
" තාත්තියූ.."
" ඕ මගෙ පැටියෝ.."
" මාමිලා එක්ක කෝද ය_යන්නෙ තාත්තී..පුතාත උ_ඌවා නේ.."
" මාමිලා එක්ක පුතාට බෙහෙත් අරන් එමූ..එතකොට ඌවා හොද වෙයි නේ.."
අහීගෙ ඇඩිල්ලෙ තාම අඩුවක් නෑ..ඇගිල්ලත් කටේ ගහන් ඉකි ගගහා කතාව..
" බ්_බේත් එපා නේ..පුතාත බේත් එපා...."
" බේහෙත් එපා කියලා බෑ මගෙ රත්තරං..ඌවා හොද වෙන්න බෙහෙත් බොන්න ඕනි නේ.."
අහිංසා මගෙ පැටියාගෙ පිට අතගාන ගමන් කියද්දි මං බලාගෙන රාජ් ඉස්සරහා ඉදන් මිරර් එකෙන් අපි දිහා බලන් ඉන්නවා..
" බේත් එපා.....මාමියූ..බ්_බේත් එපා කියන්නකූ.."
" අභී.."
" මාමී.."
මගෙ අතේ ඉදන්ම අභී ඉස්සරහට නැමිලා අසූර්ටයි රාජ්ටයි කතා කර කර උරහිසට තට්ටු දාන්න ගත්තා..
අභී අසූර්ට ලං උනත් රාජ් වගේ යක්ෂයෙක්ට ලං වෙනවට මං ටිකක්වත් කැමති නෑ..ඒත් මොක්දෝ හේතුවකට අභී හරි ඉක්මනට රාජ්ට ලං උනා..
" අභී..බෙහෙත් අරන් අපි චොක්ලට් කන්න යන් හරිද.."
" බෑ නේ බේත් එපා පුතාත...."
YOU ARE READING
කලරාජ් BL
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..