" නරකාසුර යක්ෂයා ඇසෑම් ප්රදේශයට ආසන්න ප්රග්ජ්යෝතිෂපුරය පාලනය කරපු දුශ්ට රජ කෙනෙක්..එයා ගොඩක් උඩඟු යක්ෂයෙක් එයාගෙ යටත්වැසියන්ට වගේම දෙවිවරුන්ට පවා පහර දීලා තියනවා කන්හා.."
" අර කුමාරිකාවෝ දාසය දාහක් පැහැර ගත්තා කියන්නෙ එයාද අම්මා.."
" ඔව්.."
" එතකොට එයාලට මොකද උනේ.."
මං උන්නේ අම්මගෙ තුරුලේ..මේ දවස් ටිකේම හරියට නින්දක් නැති උනේ හිතේ සැනසීම ටිකෙන් ටික ඈත් වෙලා යනවා දැනුන නිසා..නිදා ගන්න ඇස් පියා ගන්න වාරයක් පාසා මැවෙන්නෙ ඒ නපුරු ඇස් දෙක ඉතින් කොහොමද සැනසීමෙ නිදා ගන්නේ..නිදා ගන්න උත්සාහ කරලා බැරිම තැන අම්මගෙ තුරුලට ආවෙ මට තියන ලොකුම සැනසීම ඒක නිසා..
" කුමාරිකාවො ටික ක්රිෂිණා විවාහ කර ගත්තා.."
" හෑ.."
" හ්ම්ම්..ක්රිෂ්ණා නරකාසුර මරලා කුමාරිකාවො එක්කන් ආවම ක්රිෂ්ණා එයාලට ගෙදර යන්න කිව්වත් එයාලා ගෑණු ළමයි නිසා එක දවසක් හරි ගෙදරින් පිට හිටියොත් කවුරුත් එයාලව බදින එකක් නෑ කියලා කිව්වලු.."
" ඇයි ඒ.."
" ඉතින් එයාලා නරකාසුර පැහැරගෙන ගිහින් හිටිය අයනේ.."
" ඉතින් ඒක හරි වැඩක්නෙ අම්මා..පැහැරගෙනනෙ ගියේ කැමැත්තෙන් ගිහින් හිටියේ නෑ නේ.."
" අපි හරියටම දන්නවද කන්හා ඉතින් ඒවා..එහෙම ඉතින් කුමාරිකාවො පිට හිටියම අපිරිසිදු වෙන්න ඇති කියලා එහෙම හිතන්න ඇති.."
" එතකොට ඒ නිසාද ක්රිෂ්ණා එයාලව බැන්දේ.."
" හ්ම්ම්..මාලිගා දාසය දාහක් හදලා එක් එක් මාලිගාවේ එක් එක් භාර්යාවන් සමඟ වාසය කළා කියලා කියනවා.."
" එතකොට අම්මා මාවත් කවුරුහරි පැහැරගෙන ගියොත් මටත් බදින්න කෙනෙක් නැති වෙයිද.."
" මොනාද කන්හා මේ කියන්නේ.."
" ඉතින් මාවත් කවුරුහරි පැහැරගෙන ගිහින් ඉදුල් කරොත්..නැත්තන් මං එහෙම වෙලා කියලා හිතලා කවුරුත් මාව බැදින් නැති වෙයි නේ.."
YOU ARE READING
කලරාජ් BL
Azioneගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..