Part 29

632 88 80
                                    

" අම්මා මේක මේ හරිද දැන්.."

" තව විනාඩි දෙකක් විතර තියන්න.."

" ඔයාට නිදි මතයිනම් ගිහින් නිදා ගන්න මං හදලා අරන් යන්නම්.."

මඩර් කේස් එකත් එක්ක මුලු දවසම බිසී වෙද්දි මට ගෙදර එන්න ලැබුනෙ රෑ දහයත් පහු වෙලා..අභීව නිදි කරලා අම්මට නිදා ගන්න නොදී එයාවත් ඇදන් කුස්සියට ආවෙ හැලප ටිකක් හදන්න හිතාන..එයාගෙ උදව් එක්ක ඒ ටිකත් හදලා තැම්බෙන්න තියලා ඉවර වෙද්දි අම්මාගෙ ඇස් දෙක නිදි මතෙන් බර වෙලා තිබුනා..

" තව ටික වෙලාවයි නේ ඉවර උනාම නිදා ගන්නම්.."

" ඔය ඉතින් හිතුවක්කාර වෙන් නැතුව හොද ළමයා වගේ ගිහින් නිදා ගන්නකො අම්මා.."

" ඕන් නෑ කන්හා.."

" මං දැන් එක පාරක් කිව්වා අම්මා.."

" මෙයා බලන්නකෝ මගෙත් අප්පච්චි වගේ දැන්.."

" ඔව් ඇයි මොකද..යන්න දැන්.."

බලෙන්ම අම්මාගෙ උරහිස්වලින් අල්ලාගෙන කාමරේ පැත්තට එක්කන් යද්දි මග නැවතුන එයා මගෙ පැත්ත හැරිලා නලලින් තොල් තද කරා..

" මං නිදා ගන්නම් පරිස්සමින් ගිහින් එන්න එහෙනම්.."

" හ්ම්ම්.."

එයාගෙ කම්මුල එබෙන්නම කිස් එකක් දීලා මං ආපිට කුස්සියට ආවා..

හැලප ටික හදලා ඉවර උන ගමන් ඒ ටිකත් ඉක්මනට ඔතාන හෙල්මට් එකයි යතුරයි අතට ගත්‍ත මං එළියට ආවේ ගෙදෙට්ට ඇදන් හිටිය ඇදුම පිටින්ම..පුරුදු විදිහට බයික් එකට නැගලා මුහුදු හුලගත් එක්ක ඔට්ටු වෙන ගමන් පුලුවන් තරම් වේගෙන් මං ගියෙ රාජ් බලන්න..කකුල් දෙකයි අත් දෙකයි ඔනෑවටත් වඩා නිරාවරණය වෙලා වෙද්දි ඇග වැහෙන්න ඇදුමක් ඇදන් එන්න බැරි උන එක ගැන මං පසු තැවුනේ රෝම කූප පවා කෙලින් වෙන තරම් හුළග සීතල නිසා..

විනාඩි පහෙන් රාජ්ගෙ ගේ ලග බයික් එක නතර වෙද්දි යතුරත් එක්කම හෙල්මට් එකත් ගන්න මං අමතක කරේ නෑ..නැත්තන් මේ සැරෙත් මගෙ හෙල්මට් එකට බඩු සෙට් වෙනවා..

රජෙක් වගේ ඉන්න පුලුවන්කම තියෙද්දි එයා ඉන්නෙ දැන් ලෑලි ගෙදරක..මුහුද අයිනෙම තිබ්බ පොඩි ගෙදර වැල්ලෙ අනිත් මිනිස්සුන්ගෙ ගෙවල් හා සමාන උනා..මාලිගාවක් වගේ තිබ්බ ගෙදර එදා ඉදන් තාමත් ඒ විදිහටම අලු වෙලා ඔහේ තියෙද්දි මගෙ හිතේ තියන වරදකාරී හැගීම කවදාවත් නැති කරලා දාන්න බැරි වෙයි..

කලරාජ් BLWhere stories live. Discover now