Yibo's pov
පස්වෙනි දවස. ශොපින් මෝල් එකක් බිමට සමතලා වෙලා අදට දවස් පහක්. තාමත් හරිම වැරදිකාරයා , මේක කරේ කවුද මොකාද ඇයි කියන එක අපි හොයනවා. අපි යන්නේ හරි පාරේ කියන්න මායි මගේ සෙට් එකයි හැමෝම දන්නවා. ඒත් ඒ පාරේ කෙලවරක් තියා තුන්මන් හන්දියක්වත් තාම පේන්න නැති එකනේ ප්‍රශ්නේ.
සීසීටීවී රෙකෝඩ් වලින් හොයාගත්ත තොරතුරු පස්සේ ගිහිල්ලම දැන්නම් හතිත් වගේ. මූණක් හරියට පේන්න නැති උනාට හම්බුන එකම වැදගත්ම හෝඩුවාව තමා රෙකෝඩ් වලට අහු උන තුන්දෙනාගෙන් දෙන්නෙගෙම කරේ පැහැදිලි විදිහට දකින්න තිබ්බ එකම විදිහේ පෙන්ඩන්ට් එක. හරි විදිහට කිව්වොත් පැහැදිලිව දැක්කත් ඒක අහම්බයක්. එක්කෙනෙක්ගේ නම් ශොපින් මෝල් එක ලගින් යන වෙලාවක මනුස්සයෙක් වැදිලා අතේ තිබ්බ පාර්සල් එකක් වැටෙනවා. ඒක ගන්න නැවෙන වෙලාවේ තමා මාලේ ඇදුමේ කරෙන් එලියට ඇවිත් පෙන්ඩන්ට් එක පේන්නේ. ඒත් තත්පරෙනිත් හතරෙන් එකක් වගේ පොඩි කාලයක්. මනුස්සයා ඉක්මනට ඒක ආපහු ඇතුළට දාගන්නවා.
සැකේ පටන් ගත්තේ එතනින්. ඇත්ත කතාව ඇස් හතරකින් බැලුව හසෙල්ට තමා ඒකෙ ක්‍රෙඩිට් එක එන්න ඕන. මොකද ඒ වීඩියෝව තුන්වෙනි පාර බලද්දි කෙල්ලට තමා වැඩේ මීටර් උනේ. ඩුබේ , සෙමියොන් දෙන්නා ලග හිටියත් ඒ එක්කෙනෙක්වත් ඒක දැකලා නෑ. මොකද එච්චර ඉක්මනට වුණ සිද්දි දාමයක් ඒක. ඩුබේ දන්න වැඩකෑලි දාලා පෙන්ඩන්ට් එකේ පැහැදිලි ෆොටෝ එකක් අරන් දුන්න එකෙන් තමා වැඩේ පත්තු උනේ. අනිත් සැක හිතුන කෙනාගෙත් එක පුංචි නොසැලකිලක් හින්දා පෙන්ඩන්ට් එකේ කොනක් පෙනුනට හරියටම ඒකමයි කියලා පෙනුනේ නෑ. ඒත් ඒ ඒකමයි කියලා අපි හිතනවා. Just a gest.
ඉතින් සම්පූර්ණ දවසක් මායි සෙමියොනුයි දෙන්නා ඒ ගැන විස්තර හොයද්දි ඩුබේ කරේ දන්න වැඩකෑලි දාලා බලන්න කියලා තියන හැම සීසීටිවී රෙකෝඩ් එකක්ම චෙක් කරන එක. හරියටම කිව්වොත් මෙල්බන් වල තියන හැම එකක්ම වගෙ බැලුවා. ඒ දැකපු මනුස්සයා ආය කොහෙන්ද මතුවෙලා තියෙන්නේ බලන්න. මොකද කොච්චර කොහොම ටච් එකේ හිටියත් මේවගේ සිද්දියක් ගැන පොඩිමවත් ඉගියක් අපිට ලැබුනේ නෑනේ. හරියට ලංකාවේ උන පාස්කු ප්‍රහාරේ සිද්දිය වගේ. අන්තිමට අපි පොයින්ට් එකට ආවා. ඒත් ඒක විශ්වාස කරන්න අපි කවුරුත් පොඩ්ඩක්වත් කැමති නෑ.