සේයාවි පලමුවන දිගහැරුම...

2.1K 112 19
                                    

ඩ්‍ර.....

මගේ ඵෝන් එක වයිබ්ඩේට් වෙන හන්දා පොඩ්ඩකට අරගෙන බැලුවා...ඒ දැකපු දෙයින් මන් පොඩ්ඩක් විතර පුදුමත් උනා මොකද මන් කවදාවත් හිතපුවත් නැති කෙනෙක් තමයි ඒ විදියට මට මැසේජ් කරල තිබුනෙ...

මන් ඒ නිසා මගේ ඇස් දෙකත් පොඩි කරල බැලුවා,කුනිත්තගෙනත් බැලුවා.. ඇත්තටම මට පේන දේ ඇත්තක්මද කියල...

ඔව්, ඒ දේ ඇත්තක් තමයි ඒ එයා...
"සවින් නිකිත සූරියආරච්චි"

මන් දැන් පොඩ්ඩක්ට කලින් ඉන්ස්ට එකේ වගේම පේස්බුක් එකෙත් My home🥋💞 කියල කැප්ශන් එකක් එක්ක පොටෝවක් දැම්ම..ඒකට කමෙන්ට් එකක් තමයි දැන් මේ සවින් ගෙන් ඇවිත් තිබුනේ...ෆේස්බුක් එකෙන්....

මම ඇස් පොඩි කරලත් බැලුවේ මොකද මේ බූතපුතා කවදාවත් මගේ පෝස්ට් වලට කමෙන්ට් කරල තිබුනේ නෑ... ඉතින් අද විතරක් මොකද විශේශයක් කියල මන් මේ බැලුවේ...

මූ දැන් ලගකදි ඉදලා පොඩ්ඩක් වෙනස් ,මට ඒක නොතේරෙනවා නෙවේ .ඒ වුනාට මට වැඩක් නෑ...මුගේ ලොකු කන් මූට හොදයි.. පුහ්...

"සවින් නිකිත සූරියාඅරච්චි" කියන්නේ අපේ ඉස්කෝලේ ක්‍රීඩා නායකයා,උප ප්‍රදාන ශිශ්‍ය නායකයා...

ගතිගුණ අතින් නම් ආයේ කියල වැඩක් නෑ සුපිරි චරිතේ ඉගෙන ගන්නත් පුලුවන්,බාහිර වැඩත් පුලුවන්, ආයේ ඉතින් සුපිරි වැඩ්ඩා...උස මහත සුදු ලස්සන හැන්ඩ්සම් මනුස්සයා...මිනිහා මැත්ස් ඉන්ග්ලිශ් මීඩියම් පොරක්.කිසිම වරදක් කියන්න නැති හරි ක්ලියර් ජෙනුයින් පොරක්.

"තමන් කැමති දෙයක් කැමැත්තෙන් ආසාවෙන් ඉස්සරහට කරගෙන පලයන්,උබට ජය💪"

ඔන්න ඕක තමයි එයා මට එවලා තිබුන කමෙන්ට් එක...

මෙච්චර වෙලාම සවින් ගැන කියුවට මන් ගැන කියන්න බැරි උනා නෙහ් මන් තමයි "මෙවින් ආවින්ද්‍ය දිසානායක"...

මන් මේ ප්‍රැක්ටිස් ගිහින් ගෙදර ඇවිත් පොඩ්ඩක් නාලා කාලා හුස්මක් නිදාත් ගෙන නැගිටලා එකඅවුන්ටින් ගනන් වගයක් හද හද හිටියේ... එතකොට තමයි ඵෝන් එක වයිබ්ඩ්‍රේට් උනේ...දැන් ටිකක් වැඩ කරපු නිසාම ඔන්න ඔහේ ඵෝන් එක චුට්ටක් ගත්තා...එතකොට තමයි උඩින්ම තියෙන මැසේජ් එක දැක්කේ...

සේයාවිWhere stories live. Discover now