"මට කතා කරන්න ඕනෙ..."සවින් ඒම කියන ගමන් මන් ඉදොය තැනට ඉස්සරහින් ඇවිත් පිටුවක් තියන් වාසි උනා..
"ම්ම්...මොනාද...මොනාද කතා කරන්න ඕනෙ..."මම දෙගිඩියාවෙන් වගේ ඇහුවා..
"ඊයේ මොකක්ද උනේ.."එකයි ඇහුවේ... ඒකත් ඇහුවා නෙවෙයි,අණක්...හරියට උබ දැන් කතා කරන්නම ඕනෙ වගේ එකක් තමයි ඒ මූනෙන් පේන්න තිබ්බෙ...
"අහ්.....මොකක්ද...??"
"ඊයේ- මොකක්ද- උනේ...!!"එක වචනින් වචනෙ කඩ කඩ එයා මගෙන් අහන ඊයේ මොකක්ද උනේ කියල...නෑ... ඇහුවේ නෑ...එයා අණ කළා...
"මුකුත් නෑ....ඇයි ඊයෙ මොකක්ද උනේ...."මට තේරුනේ නැති නිසා මන් ඒම ඇහුවා... හරියට උත්තරයක් දෙන්න උනත් සැක හැර දැන ගන්න එපයි මොනා උනත්....
"ආවින්ද්‍ය මේ...උබ නිකන් තොත්ත බබා වෙන්න එපා... මට කියහන් ඊයේ මොකක්ද උනේ කියල... හිතන්න එපා උබ කියන හැම දෙයක්ම අහන් හිටියට මම පො**** කියල...උබ දන්නවා මම උබ ගාව විතරයි මේම හැසිරෙන්නෙත් කියල....ඒක නිසා මට ඇත්ත කියහන්..."සවින් මගේ එක අතක් තද කරල අල්ලගන්න ගමන් හයියෙන් හයියෙන් කියාගෙන් කියාගෙන ගියා... මට තේරුනේ එකම එක දෙයයි...ඒ... සවින් මට ගහන්න බැරි කමටම මගේ අත තද කළා කියල...
"සවින් මගෙ අත අතාරින්න..මට රිදෙනවා..."මම එයාගෙන් මගේ අත නිදහස් කරගන්න හදන ගමන් එයාට කියුවා.. මට රිදෙනවා කියලා කියුවත් හරි එයාගේ මූන වෙනස් වුනා...එයා ඉක්මනට මගේ අත අතෑරියා...
"සොරි..."සවින් පහත් හඩින් මිමිනුවා..
"ක්ම්හ්...මේ..."දිගු නිහඩ බවක් තිබුන නිසා මම ඒක බිදින්නත් එක්කම මම උගුර පාදලා සවින්ට කතා කලා...
"මොකද..."
"ඇයි යකෝ... තවුසේ නේද දැන් මෙතන මට කතා කරන්න ඕනේ කියාගෙන ආවේ...මොකද මිනිහෝ ඕම කෑ ගහන්නෙ...ටිකක් හිමින් අහන්න බැරිද..."මම කියුවේ සවින් එක පාරටම මගේ ඇගට කඩා පාත් වෙන්න වගේ ආව නිසා...මටත් ඉතින් මල පනිනව නෙහ්...ඇයි මුන්ට විතරද මල පනින්නේ... හුම්...
"......."සවින් මට මුකුත් කියුවේ නෑ...මගේ දිහා එක පාරක් විතරක් බලල ආපහු එතන තිබ්බ ජනේලෙන් එලිය බලාගත්තා...
YOU ARE READING
සේයාවි
Fanfiction"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki