"උඹලා කොහොමද මෙහේ තමයි අපි ඉන්නේ කියල දැනගත්තේ..."
"අපි මෙහෙට එද්දි මෙවින්ලගේ චූටිබාප්පා ඇදිත් ඉදියා...එයා තමයි ගෙදරට එක්කන් ගියේ...එහෙ හිටපු ආච්චි අම්මා කියුවා උබත් එක්ක මෙවින් මේ කැලේට ආවා කියල...උබල දෙන්නා කලිනුත් මෙහේ ඇවිත් තියෙනවා කියුවා..ඒ ආවහමත් උබල එද්දි හවස් වෙනවා කියුවා ඒක නිසා අපිටත් කැමති නම් යන්න කියුවා...ඒක නිසා ආවා.."
"ආහ්...ආව එකත් හොදයි එක අතකට..."
"ඇයි බන් මොකෝ සීන් එක සවිනා..."
"නෑ බන්...අර අපේ සියා කියපු කතා ටික ඇත්ත වෙන සීන් එකක් යන්නේ..."
"මොකක්ද.."
"අර වංශ...බල සීන් එක..."
"අප්පා ඒකද...සිරාවටම ඒක ඇත්තක්ද..."
"ඔව් එහෙම වගේ..."
"එතකොට අපි..."
"මටත් හිතාගන්න බෑ...මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ...මෙවින් මේවා දැනගත්තොත් කොහොම රිඇක්ට් කරාවිද කියන්නත් බෑ..."
"අඩෝ ඒක සිරාම සීන් එකක්ද එතකොට..."
"ඔව් බන් ඔව්...මට ඒ දේ කන්ට්‍රෝල් නෑ...දැනටත් මෙන්න මේක නිසා තමයි කන්ට්‍රෝල් ඉන්නේ...අනික මෙහේ ආවට පස්සේ මට ඒ දේ දරාගෙන ඉන්න එක හරි අමාරු වුණා ගොඩක් තැන් වලදි..."
"අඩෝ උබට විතරක් නම් කමක් නෑ..මාත් මෙහේට පය තියද්දිම වගේ අමුතුම ෆීලින්ග් එකක් තමයි මට ආවේ...නිකන් හෙණ බයක් එක්ක කැටි වෙච්ච..."
"මටත් ඒක නම් තියෙනවා...මොකක්දෝ ලොකුම ලොකු බයක්...කොහොම පිටට පේන්න හිටියත් උබයි මමයි දන්නවා නෙහ් අපේ දරාගැනීම් වල තරම.."
"ඒකන්ම් ඇත්ත.."
"ම්හ්හ්..."
"ආහ්...මෙවින්...නැගිට්ටද..."
සයාල් මට අර බොන්න දුන්න එකයි ඔළුවට දාපු දේවල් නිසයි ඇගට අමාරුවක් වගේම ඔලුවේ අල්ලපු රිදිල්ලත් නැති වෙලා ගියා...ඒකත් එක්ක මට හොදට නින්දකුත් ගියා...
මට නින්ද ගියාට ටිකක් වෙලා ගියහම මට කවුදෝ කට්ටියක් කතා කරන සද්දයක් ඇහුනා...ලොකුවට මුළ ටික ඇහුනේ නැතත්...මැදින් මැදින් කියපු සමහර දේවල් ඇහුනා... ඒත් මට මොනා ගැනද ඒ කතා වුනේ කියල තේරුනේ නෑ...මට ටිකක් කන් දීගෙන ඉදියත් නොතේරුන නිසාම මම ඇස් හෙමින් හෙමින් ඇරියා...කවුද ඉන්නේ කියල බලන්නත් එක්කම...ඒත් ඒ දැකපු දෙයින් මා ශොක් වුනා..මොකද එතන ඉදියේ රුචිර අයියා එක්ක සවින් අයියා...මන් කීයටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ...ඒක නිසාම මන් ෆුල් ශොක් වුණා...ඒක නිසාම මගේ කටින් අමුති සද්දයක් ආවත් මන් ඉක්මනට ආයෙම ඇස් පියා ගත්තේ තාත්වික රංගනයක යෙදෙන ගමන්...
YOU ARE READING
සේයාවි
Fanfiction"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki