සේයාවි විසිහතරවන දිගහැරුම....

272 29 25
                                    





සවින් අයියගේ හරි ආදරණීයම පැත්ත දැක්කේ මම මේ දවස් ටිකේද කොහෙද...එයා ඇත්තටම හරි ආදරණීයයි...

ගොඩක් වෙලාවට...නෑ හැමවෙලේම මගේ වැඩ කලේ සවින් අයියා...චූටිබාප්පා උදව් කළා...ඒත් වැඩිය කලේ සවින් අයියා තමයි...

ආච්චම්මලා ගෙදරට පොඩ්ඩක් එහා පැත්තට වෙන්න පිටිපස්සෙන් තියෙනවා කැලයක් වගේ ගස් කොළන් වලින් පිරුණු තැනක්...හරිම නිස්කලංකයි...අපි ඉස්සර මෙහෙ ඉන්න කාලේ මායි අක්කියි ආරණ්‍ය අයියයි තව මෙහේ මගේ යාලුවෙකුයි අපි එකතු වෙලා ඒ කැලේ ඇතුලේ සෙල්ලන් කරන්න යනවා..ඒ කැලේට කියන්නේ 'ශැංයැං ' කැලේ කියල...

ඉස්සර නම් එක එක කතා ඒකට කියල තියෙනවා...ඇත්තද බොරුද කියලනම් දන්නෙ නෑ...මන් දන්නේ ඒකෙ ඉස්සර ජීවත් වුනාලු මිනිස්සු කොට්ටාසයක් ඒ මිනිස්සු එහේ ඇතුලේ ගම්මානයක්ම දාගෙන ඉදියලු..ඒ විදියට ඉදලා තියෙන්නේ එක එක මැජික් බලයවල් තියෙන,අදුරු මායාවල් භාවිතා කරපු මිනිස්සුලු...ඒ වගේ මිනිස්සු නම් ඉදියා කියල විශ්වාස කරන්න බැරි තරම්..මොකද අදුරු මායාවල් කියල ජාතියක් දැන් තියෙනවා කියන්න අපිට හරිහැටි සාක්ශි නෑ නෙහ්...

කෝමාරි එහෙම ඒවා පාවිච්චි කරපු  මිනිස්සු කොට්ටාසයක් ජීවත් වුණාලු..එයාලා හොද දේවල් වලට වගේම තමන්ගේ තනි කැමැත්තට නරක දේවල් වලටත් ඒ දේවල් පාවිච්චි කරාලු...එහෙම හිටපු අය එක පාරම මොකක්දෝ අමුතු දෙයක් සිද්ද වෙලා වද වෙලා ගිහින් කියල කතාවකුත් තියෙනවා..තවත් සමහරු ඒ අය සාමාන්‍ය මිනිස්සු එක්කම ගම් වල නගර වල ජීවත් වෙනවා කියලත් කටකතාවක් ගිහින් තිබුනලු...

මමත් හරියටම දන්නේ නෑ...ආච්චම්මා තමයි මේ දේවල් මටත් කියුවේ...

සවින් අයියා මාත් එක්ක මේ ශැංයැං කැලේට යන්න එනවා...එයා මෙහේ ආව නිසා ස්ටඩීස් වලට පාඩුවක් නොවෙන්න ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් ක්ලාස් වල සර්ලගෙන් ඉල්ලගෙන උදේට උදේට ඒවා බලනවා...රෑ එළිවෙනකම් පාඩනුත් කරනවා...

දවල්ට හවසට මාත් එක්ක කාලේ ගත කලාට උදේ පාන්දර රෑ කියන්නේ එයාගේ ස්ටඩි ටයිම් ටික...ඒ වෙලාවල් වලට මන් කරදර කරන්න යන්නෙත් නැ...දවල් වෙලාවට මටත් මිස් වෙච්ච දේවල් කියාදෙනවත් එක්ක ICT වල ඒම...මට ලියන්න බැරි නිසා දකුණු අත බැන්ඩේජ් කරන් ඉන්න නිසා එයා කියා දීලා මගෙන් ප්‍රශ්න අහනවා...කියා දීලත් මට බැරි උනොත් තුවාල වෙච්ච මගේ ඔලුවටම ටොකු අනිනවා...ඒ වෙලාවට මම මූණ දෙක කරන් එයා දිහා බලන් ඉදල අහක බලා ගන්නවා...එයා තේරුම් ගන්නවා මන් තරහින් කියල ඊට පස්සේ එයා මාව මිනා හරි කරලා යාලු කරගන්නවා...

සේයාවිWhere stories live. Discover now