සේයාවි තුන්වන දිගහැරුම...

665 81 6
                                    

දින දෙකකට කලින්....

"ඔන්න හරිනෙ... දැන්වත් අපිව පාටියකට එක්ක පලයවු...."ඒ බෙරිහන් දුන්නෙ පූජනි... මට ඉන්න ගැහැනු යාලුවන්ගෙන් කෙනෙක්...මට ගැහැනු යාලුවෝ ඉන්නෙ තුනයි.... පූජනී, ශලිනි,මනූ...මනූ නම් මගේ කසින් අනිත් දෙන්නත් එයා නිසාම තමා මට සෙට් උනේ...

ඉස්සර මම මෙහේ ආපු මුල්ම දවස්වල මෙහේ ගැන එච්චර දන්නෙ නෑ නෙහ්.. ඒක නිසා මනූ මට මෙහේ තියෙන තැන් ඒම හැමතැනකම එක්කගෙන ගිහින් පෙන්නනවා...ඒම එක්කගෙන ගියපු දවසක ගහපු පොටෝවක් මේකි මටත් නොකියා ස්ටේටස් දාලා.. පහුවදා අලුතෙන් පන්තියකට කියල ගියා විතරයි මේකිගේ යාලුවෝ විහිලු කරන්න ගත්තෙ නැතෙයි... මටත් උන් හිටිතැන් අමතක වෙලා, හීන් දාඩියත් දැම්මා කියහන්කෝ...ඒ දවස් වල කට්ටියම මට කියන්නෙ මම මනූගේ කොල්ලා ඒ වුනාට ඒකි තමයි මාවත් බලාගන්නේ කියල... ඒම කියන්න ලොකුම හේතුව තමයි මේකි මගේ පස්සෙන්මයි මේකි මගේ හැමදේම හොයල බලල කරල දෙනවා.. ඒක නිසා...පස්සෙ පස්සේ ඔක්කොම ටික දැනගත්තා මේකි මගේ කසින් අපි මෙහෙට අලුත් ඒක නිසා තමයු මේකි මෙහෙම කියල්... දැනගත්තා කියුවේ මම තමයි කියුවේ.. නැත්නම් මේක පස්සට විසාල කරදරයක් වෙන්න පුලුවන් කියල තේරුන නිසා...වැඩිපුර කට්ටිය දන්නෙ නැතත් අපේ සෙට් එකේ අය නම් හොදට දන්නවා...

සෙට් එක කියුවේ මම , හිරුන්,ශකිල,ශෙවෝන්,පූජනි, මනූ, ශලිනි තමයි සෙට් එක... මනූ නිසා මට පූජනි,ශලිනි සෙට් උනා වගේම හිරුන් නිසා මට ශකිල,ශෙවෝන් දෙන්නත් හම්බුනා...

අපේ බිස්නස් පන්තියයි,Accounting පන්තියයි අපි යන්නේ එකම සර්ගේ..ඒක සර් තමයි මෙහෙන් සුපිරියටම උගන්නන්නෙ.... සර්ගේ පන්තියේ හැම පාඩමක්ම ඉවර වෙන්න විබාගයක් තියෙනො ඒකෙන් වැඩිම ලකුනු ගන්න කට්ටිය ටොප් රෑන්කර්ස්ලා විදියට ස්ටේජ් නග්ගවලා,පලවෙනි තිස් දෙනාටම තෑගිත් දෙනවා... ඒවා සල්ලි වෙන්න පුලුවන්,කැල්කියුලේටර්ස් වෙන්න පුලුවන් ඒ වගේ ලමයින්ට වැදගත් වෙන දෙවල් තමයි සර් දෙන්නෙ...

අපේ සෙට් එකෙත් ටොප් රෑන්කින් සෙට් එකේ හිරුන්,මනූ,ශෙවෝන්,ශලිනි,පූජනි ඉන්නවා... අපි කොච්චර කරත් රෑන්කින් සෙට් එකට එන්න වෙන්නෙම නෑ... එක ලකුනින් හරි මිස් වෙනවා...මේ පාර තිබ්බ එක නම් ගනන් හදල හදල පොඩි ශේප් පාරක් දාගත්තු නිසා මේ පාර අපි දෙන්නත් ඒ කියුවේ මමයි ශකිලයිත් රෑන්කින් සෙට් එකට ගොඩ වැදුනා... අපේ සෙට් එකම එකා එකා රෑන්කර්ස් සෙට් එකට ගියහම අපිට පොඩි ට්‍රීට් එකක් දෙනවා... මොකද අපි ඒ සෙට් එකට යන්නමත් හෙන ගේමක් ගහන්න ඕන.. මොකද දාහක් විතර ඉන්න පන්තියකින් මුල් පනහටවත් එන්න ඕන... ඒකත් ලොකු වැඩක්, මොකද... දැන් ඉන්න ලමයි හැම පැත්තකින්ම හරිම දක්ශයි....අපි හෙන ගේමක් දීල කරන වැඩක් නිසා අපි ඒකෙ සතුට සමරන්නත් එක්කම හවසට පොඩි පාටියක් දාලා කාලා බිආ සින්දු කියල නටල කරල එනවා..මේ පාර ට්‍රීට් එක දෙන්න තියෙන්නෙ මටයි ශකිලටයි ඒක නිසා අපි දෙන්න සල්ලි දාලා අපි හැමදාම යන කොටුවෙ ඇතුලේ තියෙන පුන්චිම පුන්චි චයිනීස් රෙස්ටුරන්ට් එකට ගියා..kixi අපි හැමදාම යන්නෙ මෙතනට මේකේ මරු මරු ඩිසර්ට් වර්ග ඒම එව්වා තමයි අපේ ට්‍රීට් එක...

සේයාවිWhere stories live. Discover now