එදා සවින් ගෙන් බැනුම් අහල ඉවර වෙලා මන් තනියම තමයි ක්ලාස් එකට ගියේ.. මොකද ඉතින් අර රුචිර බුවා මගේ කිරිපුතාව නවත්තගත්තනෙහ්....ඊට පස්සෙ ඉතින් ඔන්න අද තමයි නිල වශයෙන්ම ලමයින්ව ක්රීඩා වලට ගන්නෙ....
මම ඉතින් ඔය ක්රීඩා වලට නෑ නෙහ්, මන් ඉන්නෙ ඉතින් ක්රීඩා උත්සවේ වීඩියො කරන්නයි,ඵොටෝගහන්නයි වගේ දේවල්වලට තමා.. මට ක්රීඩා බෑ... මන් දන්න එකම දේ කරාටි විතරයි... ඒක තමයි මගේ මුලු ජීවිතේම... හරියටම අපිට කියුවෙ නම් නෑ කරාටි වලින් එක අයිටම් එකක්වත් ක්රීඩා උත්සවේ අතරමැදට දාවිද කියලනම්,ඒම දැම්මොත් ඉතින් පෙන්නන්න පුලුවන් මන් කවුද කියල....හී හී...
මේ වගේ අවස්තාවල් වල තමයි ලමයි ලමයිගේ හැකියා පෙන්නන්නේ ඒක් නිසා අපෙ ඉස්කෝලේ හැම පාරකම වගේ හවුස්මීට් තියෙනවා...මම ඉතින් ඇග වෙහෙසා කරන දේවල් වලට නම් යනව හරිම අඩුයි... මන් ගියොත් යන්නේ චෙස් වගේ එකකට වගේ මොකකටවත් ගියේ නැති උනහමත් නිකන් කොන් වෙනවනේ ඒක නිසා ඒකට ගිහින් මූන දානව...ඒම කියුවට මන් තමයි අපේ ඉස්කෝලේ චෙස් චැම්පියන් ...හා ..හා....මන් ඉස්සර නම් බැඩ්මින්ටන් වලට ආසයි,ඒත් අම්ම ගියත් හරි මගේ ආසම නැති ක්රීඩාවත් බැඩ්මින්ටන් වෙලා..ඉස්සර අපි ගමේ ඉන්න කාලෙ අම්මයි මායි,තාත්තයි අක්කයි පිල් දෙකකට බෙදිලා ගෙදර බැඩ්මින්ටන් ප්ලේ කරනවා...එහේ ඉස්කෝලෙත් මන් චැම්පියන් බැඩ්මින්ටන් වලින්....මෙහේට ආවට පස්සේ මන් ඒව ඔක්කොම නවත්තලා කරාටි වලට බැස්ස....
මගේ කිරිපුතානම් ඉතින් හැම එකටම ඔලුව දානවා....ස්විමින් කියයි,බැඩ්මින්ටන් කියයි,බාස්කට් බෝල් කියයි,වොලිබෝල් කියයි මේ හැම එකකටම යනවා ඉස්කෝලේ ටීම් එකෙත් ඉන්නවා ඉතින්...මගේ කිරිපුතා දක්ශයා...මූ මේව විතරක් නෙවෙයි ඉගෙන ගන්නත් පට්ට දක්ශයා... පන්ති පලවෙනි පස් දෙනා අතරට හැම දාම වගේ ඉන්නවා... ඕලෙවල් වලටත් ඒ හයයි, බී තුනක් තිබ්බ... මූ පට්ට දක්ශයා...ඇගත් ඉතින් ඒවට ම හැදිච්ව එව්වා... මූ වගේ එකෙක් අපේ හවිසේ ඉන්නවා කියන්නෙම ඉතින් පට්ට චාන්ස් එක....
මූ විතරක් නම් මදැයි ඉන්න හැම කැප්ටන් කෙනෙක් මත් මූ වගෙ දක්ශයි,ක්රීඩා නම් ක්රීඩා,ඉගෙන ගන්න ඒවා නම් ඉගෙන ගැනීම් සේරෝමලා ඕල් රවුන්ඩස් ලා තමයි ඉතින් බලන් ගියාම...
YOU ARE READING
සේයාවි
Fanfiction"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki