සේයාවි විසිතුන්වන දිගහැරුම...

311 38 12
                                    




"ආයුශ්..!!"

ඒක කියනවත් එක්කම රූම් එකේ ඉදපු හැමෝම වගේ ඒ පැත්ත බැලුවා...

ඒ ඉදපු කෙනා....මට මගේ ඔලුවේ මොකක් හරි දෙයක් පේනවා පේනවා වගේ...මොකක්ද ඒ..මොකක් හරි අමුතු අපැහැදිලි මතක ගොන්නක්...

"ත්‍යාග්...!!ඔයා මොකද මෙහෙ කරන්නේ..."

මොකක්ද ඒ කියුව නම...මොකක්ද මට මේ පේන අපැහැදිලි මතක..ආහ්..

"ආයුශ්...අර සූරියාආර්ච්චි...කවුද...භාරත සූරියාආරච්චි..අන්න එයාගේ පොඩි පුතා මොකක් හරි කේස් එකක් දාගෙන...ඒක නිසා පොලිස් ස්ටේශන් එකම ගිනි අරන්...ඒ කොල්ලා ගහගෙන තියෙන්නේ එසේ මෙසේ එකෙක් එක්ක නෙවේ...අර නිලංග ඇමතියගේ හෙංචයියෙක්ට ගහල තියෙන්නේ...නිලංගයා මේ හොස්පිටල් එකටත් ඇවිත්...ගුටිකාපු එකා මෙහේ ඇඩ්මිට් වෙලා තියෙන්නේ..."

"මොකක්...!!"

චූටිබාප්පා දිහාබලාගෙන  ඒ කෙනා කියපු දේවල් වලින් චූටිබාප්පගේ මූනේ එක එක විදියට වෙනස් වුනා...

එක වෙලාවක බයත්...තව වෙලාවක දුකත්....තවත් වෙලාවක තරහවත්...ඒ හැම එකක්ම ඒ මූනෙන් පෙන්නුම් කළා..

"සවින්!!මොකක්ද මේ කියන්නේ...මොකක්ද කරගත්තේ...ආ...!!"

චූටි බාප්පට තරහ ගියා...ඔව්..එයාගේ තරහව දැනට දැකලා තිබුනේ අවුරුදු ගානකට කලින් වෙනකොට...ආයෙම ඒ තරහව මේ සිද්දියත් එක්ක එළි බැහැලා...

මෙච්චරටම තරහ ගන්න තරම් මොකක්ද මෙයා කරල තියෙන්නේ...

"නෑ...මේ.."

"ගොත ගහන්න නෙවේ...මොකක්ද කලේ කියපන්..."

"මන් ඌට ගහන්න නෙවේ ගියේ..කතාකරගන්න ගියේ..."

"ඔය කතා කරගත්තු විදියද.."

"ආයුශ්...මෙයාද භාරත සූරියආරච්චිගේ පොඩි පුතා..."

"ඔව්..මේ ඉන්නේ ඒකා තමයි..."

"හොයාගත්තු විස්තර වලට අනුව නම්..අර ඔයාගෙ නෑදෑ කෙනෙක්...අර මැඩම් ඉරුගල්බණ්ඩාරගේ  පුතාද කොහෙද මේ ළගදි ඇක්සිඩන්ට් වුණේ...අර එයත් එක්ක ආපු මැරුනේ ඩ්‍රයිවර්..අන්න ඒ සීන් එකටත් මේකේ සම්බන්දයක් තියේ.."

සේයාවිWhere stories live. Discover now