සේයාවි දොළොස්වන දිගහැරුම...

411 64 4
                                    

ඊළග දවසේ උදේම නැගිටල් ලෑස්ති වෙලා ශාමා මිස්ලහ ගියා...

ඒ ගෙදර තිබුනේ ටවුන් එකෙන් එහාට වෙන්න ගොඩක් සල්ලි තියෙන මිනිස්සු ඉන්න පැත්තක්ද කොහේ බැලු බැලු තැන ලොකු ලොකු තාත්ත වලින් වට වෙච්ච ලොකු ලොකු ගෙවල්...අපි ලොකේශන් දාගෙන ගියෙත් ඒවගේම ලොකු ලොකු තාප්පෙකින් වට වෙච්ච ලොකුම ලොකු ගෙදරක් තිබුන තැනකට...අපි ගිහින් හෝන් ගැහුව නිසාම ශාමා මිස්ගේ මහත්තයා කියල හිතන්න පුලුවන් හැඩි දැඩි උස මහත තලෙලුත් නොවන සුදුත් නොවන මැද පාටකින් යුක්ත සරමකට බොත්තන් ෂර්ට් එකක් ඇදගත්ත කෙනෙක් ඇවිත් ගේට් එක ඇරල අපිට ඇතුලට එන්න ඉඩ දුන්නා...

තාත්ති නම් කියපු විදියට 'භාරත සූරියාඅරච්චි 'කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අවංක පොලිස් නිළදාරියෙක් කියල...පොලිස් ලොක්කෙක්..කොටින්ම මෙයාගේ යටතේ තමයිලු මේ මුලු ටවුන් එකම තියෙන්නෙ...අපි ඇතුලට ගියා...

ඩිෆෙන්ඩර් එකක් වගේම සුදු පාට BMW බයික් එකකුයි කාර් එකකුයි ,බෙන්z එකකුයි ,High capacity රතු පාට බයික් එකකුත් නවත්තල තිබුනා...තව එහාට වෙන්න ගරාජ් එකේ තව V8 දෙකකුයි,පෙජෙරෝ එකකුයි,තව මොනාදත් තිබුනා...මගේ අම්මේ වාහන විතරමද කොහෙ හම්බකරන්නේ...

ගෙදර ලක්සරි ටයිප් නැති උනාට අනික් ගෙවල්වලට සාපේක්ශව ලොකුයි...පරණ තාලේ ගෙයක් තමයි ඒක..බැලු බැලු තැන මල් පිපිච්ච ගස්...පැත්තකින් ලොකු පොන්ඩ් එකක්...ඒකේ උඩින් ඇවිදින්න පාලමකුත් තියෙනවා...ඊට චුට්ටක් මෙහායින් යකඩ වලින් හදපු ඔන්චිල්ලාවක්...ඊට මෙහාට වෙන්න වාඩි වෙන්න හදල තියෙන පුටු මේස...ගෙදර ඉසාරහට වෙන්න මිදුල මැදල වෙන්න තියෙන විශාල අඹ ගහෙන් ගෙදරට තවත් ලස්සනක් ගෙනල්ල දීල තියෙනව...

"එන්න ඇතුළට...මොකද මේ එළියට වෙලාඅ.."

මම වාහනෙන් බැහැල බෑග් එකත් කරේ එල්ලගන්න ගමන් ඉද්දි ශාමා මිස් අපෙන් ඇහුවා..ඒත් එක්කම අපි ගෙට ඇතුලු වුනා...

"හොයාගන්න අමාරු උනේ නෑ නේද මිස්ටර් දිසානායක..."

"නෑ මිස් එච්චර අවුලක් උනේ නෑ..."

"ආහ්...එන්න ඉතින්...වාඩි වෙන්න..."

අපි ලස්සන හිනාවකින් පිලිගත්ත ශාමා මිස් අපිට ගොඩක් හොදට සන්ග්‍රහා කලා..

සේයාවිWhere stories live. Discover now