සේයාවි විසිහත්වන දිගහැරුම...

229 15 2
                                    

ක්‍යාශිගේ බලය ඒක අනෙක් බලයන් වලට වඩා හාත්පසින්ම වෙනස් වගේම එයාගේ බලය අනෙක් බලයන් වලට වඩා බලයෙන් වැඩී...ඒක මට මේ කෙරුන දේවල් වලින් හොදට තේරුණා...

"ගුරුදේව්!! කියන්න...කියන්න ඔබ තුමා මොනවද දැක්කේ!! කවුද ක්‍යාශිගේ බලය තියෙන කෙනා...ඔබතුමා ඒ කෙනාව දැක්කද!!"

එතන ඉදපු එක්කෙනෙක් ගුරුදේව්ගෙන් ඇහුවා ඒ ක්‍යාශිගේ බලය තියෙන කෙනා කවුද කියලා..

"ගුරුදේව්!! ඇයි ගුරුදේව්?! ඇයි අමුතු විදියට ඔබ තුමා ඉන්නේ!!"

"ක්‍යාශිගේ බලයන් දෙදෙනෙකු අතරේ බෙදිලා තියෙනවා!! ක්‍යාශි දරුවන් දෙදෙනෙක් බිහි කරලා,ඒ දරුවන් දෙදෙනා අතරේ තමයි ක්‍යාශි බලය බෙදා දීලා තියෙ  න්නේ.."

ගුරුදේව් ඒක කියුවේ ලොකු බැරෑරුම් කටහඩකින්..හරියට මේ දේ නිසා බය වෙන්නද එහෙමත් නැත්නම් සතුටු වෙන්නද කියලා හිතාගන්න බැරුව...

"ඉතින් ගුරුදේව් ඒ දෙන්නව ඔබ තුමා දැක්කද..?! දැක්කනම් අපි ඒ දෙන්නව මෙහෙට ගෙනත් එයාලව පරිස්සම් කරමු!!"

තව කෙනෙක් එහෙම කියුවා...

"නෑ..අපිට එහෙම කරගන්න බැරි වෙයි?!!"

"ඇයි ගුරුදේව් එහෙම කියන්නේ..."

"කිසිම කෙනෙක්ට!! කිසිම කෙනෙක්ට තමන්ගේ වංශ වලින් එළියට යන්න බෑ...ඒ වගේම ඇතුළේ ඉන්න කිසිම කෙනෙකුටත් එළියට යන්න බෑ..!!"

ගුරුදේව්ගෙන් වංශ නායකයෙක් ඇයි කියල ඇහුවත් ගුරුදේව්ගෙන් ලැබුනේ හරි තද හැමෝම බයකරවන තර්ජනාත්මක වචන කිහිපයක්..ඒ හැමෝටම මෙහෙන් එළියට යන්න බෑ කියල...ඒත් ඒක කියද්දි අපි දිහා ටිකක් තදින් ගුරුදේව් බැලුවා කියල මට හිතුණා...ඒක හිතලුවක්ද කියන්න දන්නේ නෑ..ඒත් මට හිතුනෙම ගුරුදේව් ඒ ටික කියුවේ අපිටමයි කියලයි...

"කිසිම කෙනෙක් මේකෙන් පිටවෙන්න දෙන්න එපා...පිටවීමේ දොරටු සියල්ලක්ම අගුලු දාන්න...ඒ වගේම ඔය කට්ටිය එන්න ඇතුළට..."

ගුරුදේව් ආයෙමත් කියල වංශ නායකයින් එක්ක ඇතුළට ගියා...ඒ තැන ටිකක් අත්භූතයි වගෙත්,ඒත් මේක මේ මිනිස්සුන්ගෙ පූජා භූමිය වෙන්න ඕනේ..මොකද නැත්නම් මේ කෙනාට ගුරුදේව් කියන එකක් නෑ නෙහ්..

සේයාවිWhere stories live. Discover now