"මෙවින්...මේ තැන මොකක්ද..."
"උබ මේ තැන දන්නවද..."
"කියහන්කෝ..."
"මෙවින්...මෙහේ මොකටද උබ ආවේ..."
"පොඩ්ඩක් ඉදහන්....මට කියහන්...උබ මොකක් හරි හොර වැඩක් කරනවද.."
"මේ මහ රෑ තනියම හොල්මන් මන්දිරයක් වගේ තැනකට එන්න තරම් උබට මොකක්ද තියෙන උවමනාව..."
"කතා කරපන් මෙවින්...කතා කරපන්...උබ මොනාද මේ හොරාට හොරාට මෙහේ ඉදන් කරන්න හදන්නේ..."
"උබ...උබ...මාවත් එක්කගෙන යන්නේ..."
"අනේ මේ මෙත්දුල...මන් තෝව එක්කන් ආවේ නෑ...උබ තමයි මගේ පස්සෙන් ආවේ...අනික බය නම් පලයන්කෝ...මට වද දෙන්නෙ නැතුව...මේක අස්සට මගේ පස්සෙන් ආවා මදිවට කන අස්සෙ ඉදන් කෝදුරුවෙක් වගේ කුණු කුණු ගානවා ඉවරයක් නෑ..."
මම නොරිස්සුමින් වගේ මූණත් ඣොරොක් කරන් මෙත්දුල දිහා බලලා කියාගෙන කියාගෙන ගියා.. ඇයි බන් මහ වදයක් උනා නෙහ් මේක...ප්‍රශ්න අහනවා අහනවා ඉවරයක් නෑ...නිකන් බී.එස්.පේපරයක් වගේ...ඒකෙත් උත්තර නැති ප්‍රශ්න තියෙනවනේ...මූත් අහන්නේ මට උත්තර නැති ප්‍රශ්නමයි...
මම එහෙමම මෙත්දුල ඉස්සරහින් ගියා..ෆෝන් ටෝච් එකත් ගහගෙන..පුදුම කළුවරක් තියෙන්නේ...මොනවත් පේන්නෙ නෑ...අපි දෙන්නා අපේ ෆෝන්ස් වලින් ටෝච් එක ගහගෙන තමයි ඒකේ ඇතුලේ ඉස්සරහට ගියේ...කොච්චර ඇවිද්දත් ඉමක් කොනක් පේන්න නෑ...අනික මේක නාත් කියපු තැන නම් මේ තැන තමයි අර කියුව පෙට්ටගමද මොකක්ද එක ඇත්තේ...ඒක හියා ගන්න ඕනේ...ඊට කලින් නාත් කියුව වංශ ලාන්චනේ හොයා ගන්න ඕනේ...මට ඒක හොයා ගන්න විදියක් හොයා ගන්න වෙනවා...මන් දන්නේ නෑ ඔය කියන කිසිම දෙයක්...මන් මොනාහරි දෙයක් දන්නවනම් මේ වංශ ගැන දන්නෙත් ගෞරව් කියපු කතාව ඇරෙන්න චූටි බාප්පා කියපු කතා ටික විතරයි...මන් කොහොමද එතකොට මේ දේවල් හොයා ගන්නේ...
කිසිම දෙයක් දන්නෙ නැතුව මන් කොහොමද මේ පෙට්ටගමක් හොයාගන්නේ...ඒක මොන විදියද...ඒකෙන් මොනවද වෙන්නේ...ඒකට මේ බටණළාව...ම්ම්හ්හ්...යතුරක් හැඩැති බටණළාව දාන්න පුලුවන් වෙන්න ඕනේ...හෝ හෝ හෝ...පොඩ්ඩක් හෝ...මන් මේක දාන්න පුලුවන් විදියේ දෙයක් එදා සවින්ලහදි හෙව්වා නේද...ඒ වෙලේදි සවින්ගේ සීයා ඇවිත් මොනාද වගයක් කියුවනේ...එදා මට ඒ දේවල් තේරුනේ නැති උනාට...නාත් කියපු දේවල් එක්ක බලද්දි...එයාද...එයාද මේ යුවරජු දන්ශේ...ඒ මොන බූත කතාවක්ද ඒ...සවින්ගේ තාත්තටත් වඩා වැඩිමල් මනුස්සයා කොහොමද යුවරජු කෙනෙක් වෙන්නේ...
YOU ARE READING
සේයාවි
Fanfiction"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki