"Good morning everyone...the annual karate tournament starting from today...all the competitors and teachers are welcome...all the members participating today are black belts, so I hope that everyone will be very successful in the competition..in today's competitions. The results are going to be given tomorrow i.e. the last day...Today the contestants between 18-20 years old will compete and tomorrow the students between 16-18 will compete..."
පටන් ගත්තා..වාර්ශික කරාතේ කලු පටි පැලද සිටින්නන්ගේ තරගාවලිය මෙලෙස ආරම්බ වුනා...
මෙච්චර කාලයක් මගේ මහන්සියේ ප්රතිපලය මෙතනින් තමයි මට බලාගන්න වෙන්නේ...මගේ විතරක් නෙවෙයි කෝච්ගේ වගේම කෝච් රයන්ගේ බලාපොරොත්තු,විශ්වාසයන්,මහන්සිය මේ සේරම වල ප්රතිපලය බලාගන්න වෙන්නේ මෙතනින්....ඉශාර කෝච්...ඒකියන්නේ මගේ ට්රේනර්ගේ මහන්සිය සහ එයාගේ මුලු හීනේම උනේ මේ කම්පිටිශන් එක දිනන එක...කෝච් ට බැරි උන දේ මන් කොහොම හරි අද කරනවා...
එදා සෙනසුරාදා වුන දෙයින් පස්සේ මන් තනියම ඉන්න...තනියම වැඩ කරගන්න මන් ගොඩක් පුරුදු වුනා...මන් හිරුන්වත් මග ඇරියා...ගෙදර අය පවා මග ඇරියා...
ක්ලබ් එකට උදේම යනවා...රෑ වෙලා ගෙදර එනවා....කනවා බොනවා නිදාගන්නවා....අක්කා එක්කවත් තාත්ති එක්කවත් කතා කරන්න මූණ දෙන්න ගියේ නෑ....චූටි බාප්පා එක්ක විතරක් වචනයක් දෙකක් කතා කරා එච්චරයි...අක්කි උනත් වැඩිය ඒ ගැන අහන්න ආවේ නෑ...එයාටත් වැඩ තියෙනවා විබාගේ නිසා එයා ගොඩක් බිසි...කොයිවෙලෙත් පාඩම් කරන නිසා මගෙන් ඒ ගැන ප්රශ්න කරන්න ගියේ නෑ...
අගහරුවාදා රෑ වෙලාවක තාත්ති වේලාසන ඇවිත් ඉදියා...මටත් එදා ප්රැක්ටිස් වේලාසන ඉවර වුණ නිසා එලියේ බන්කුවේ එකෞන්ටින් ගානක් හද හද හිටියා...ඒකත් මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ ඇයි ඉතින් ක්ලාසස් මිස් උනා නෙහ්...බොහොම අමාරුවෙන් ගාන පටලලා පටලලා හැදුවා...සර්ගේ යූටියුබ් වීඩියෝ එකක් පවා බැලුවා බැරිම තැන..
මම ගාන හද හද ඉද්දි තාත්ති මට තේ එකක් හදාගෙන ආවා...
"චූටි පුතා...ආ..."
තාත්ති මට හදන් ආව තේ එක මේසේ උඩින් තියන ගමන් කතා කලා..."ආහ්...තාත්ති...තැන්කියූ තාත්ති..."
"පුතා වැඩකද ඉන්නේ...."
"ම්ම්...ලොකු වැඩක්මත් නෙවෙයි...මේ ගානක් හදන ගමන් ඉදියේ...ඇයි තාත්ති..."
YOU ARE READING
සේයාවි
Fanfiction"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki