සතියක් කොහොම ගියාද මන්දා...තේරුනේම නෑ...පුදුම වේගෙකින් මේ සතියම ගියේ...පුදුම ස්ට්‍රෙස්....වැඩ කෝටියක් තියෙනවා.....
ෆොටෝග්‍රැෆික් කමිටි එකේ මැගසින් එක ලෝන්ච් එකර වැඩ එක්ක දවස් ගානක් බිසි උනා...මට කරාටි ටූනමන්ට් එක තව දවස් ගානකින් පටන් ගන්න නිසා ඒකට දැන් බැහැලම වැඩ...මුලු දවසම කෝච් එක්ක එකතු වෙලා ප්‍රැක්ටිස් කරනවා...ඒක නිසා මට ඉස්කෝලේ පීරියඩ් ඔක්කොම වගේ කට් උනා...ක්ලසස් පවා මිස් උනා..නෝට්ස් වැහි වැහලා කන්දක් උසර තියෙනවා...ගෙදර ගියහම පාඩම් වැඩ කරන්න බෑ...ඇගට අමාරුකම් එක්ක...එහෙමම නින්ද යනවා...මේ ගෙවිලා යන්නේ නම් මට හරිම අමාරු කාලයක්...මොකද මේ වැඩ එක්ක..
විශේශම දේ...මාත් එක්ක කතා කරන්නෙවත් නැතුව...මූණවත් නොබල...දැක්කත් නොදැක්කා ගානට යන්න දැන් සවින් පුරුදු වෙලා තිබුනා...එයා මාව මග අරින්නේ එදා වුණු දේට නම් මන් එයාගෙන් සමාව ගන්න ලෑස්තියි...හැබැයි මන් දන්නවා...දැන් මන් පරක්කු වැඩී කියල...
එහෙමයි කියල මාව දැක්කම නොදැක්කා ගානට යන්න...දැක්කත් නොදැක්ක ගානට ඉන්න තරම ඇයි....ඇයි සවින් එහෙම කරන්නේ.....මට හිතෙන්නෙම එයා වෙන එයක් නිසා තමයි එහෙම කරන්නෙ කියල...මට එදා අන්තිමට රුචිර අයියා කියපු දේවල් පවා මතකෙට ආවා...
ඒ කියන්නේ එයාට දැන්....නෑ...නෑ.එහෙම වෙන්න විදියක් නෑ...
මම ඉක්මනට ඒක හිතින් අමතක කරල දාන්න ඔලුව දෙපසට සෙලෙව්වා..
කෝමාරි දැන් එයා මාත් එක්ක කිසිම කතාවක්වත් නෑ....
මම නිකමට අපි දෙන්නගේ චැට් එක්ට ගියා...නෑ...කිසිම දෙයක් නෑ...එයාගෙන් මටවත් කිසිම මැසේජ් එකක් නෑ...මට එයාට මැසේජ් එකක් දාන්නවත්....හිත දෙන්නෙ නෑ..ඇයි දන්නේ නෑ එහෙම මට හිතෙන්නේ...ඒ වුනාට මට හිතෙන්නෙම එයා එක්කෝ මාත් එක්ක කතා කරනක්න් ඉන්නවා...එහෙම නැත්නම් මේක මෙහෙමම නැවතිලා යාවි...
"මෙවින්...මෙවින්..."
මම මේ ඔක්කොම කල්පනා කර කර ඉදියේ කරාටි ප්‍රැක්ටිස් කරලා පොඩ්ඩක් රෙස්ට් කරන ගමන් ඉන්න වෙලාවේ...
"අ..ඔව් කෝච් කියන්න...."
"මොන ලෝකෙද ඉදියේ...මන් කොච්චර කතා කළාද..."
YOU ARE READING
සේයාවි
Fiksi Penggemar"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki